
(අංජුල මහික වීරරත්න)
දිස්ත්‍රික් අටක පුරන් කුඹුරු අක්කර 14,000ක් 2023 දී රජයට පවරාගෙන වගා කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
මේ අනුව මාතලේ, නුවරඑළිය, වව්නියාව, කුරුණෑගල මන්නාරම, පුත්තලම හා බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්කවල වසර පහක් තිස්සේ වගා නොකළ කුඹුරු අක්කර 2774ක් හා ඉතිරි දිස්ත්‍රික්කවලින් තෝරාගත් පුරන් කුඹුරු අක්කර 11,256ක් ඇතුළත්ව අක්කර 14,000ක් රජයට පවරාගෙන වගා කිරීමට තීරණය කර ඇත.
2023 වසරේ දී මෙම දිස්ත්‍රික්ක අට පුරන් කුඹුරු නොමැති දිස්ත්‍රික්ක බවට පත් වෙනු ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පස්සෙ ගොඩකරල විකුණන්න වත් බැරිනෑ.
බැලූ බැල්මට හිතට වදින වැඩසටහනකි. අපේ මුතුන් මිත්තෝ කුඹුරක් හදන්නට ඇත්තේ කෙතරම් මහන්සි වෙලා ද? අද කව්රුවත් අළුතින් කුඹුරක් හදනවා ද? කුඹුරු ඉඩම් සටකපට ක්‍රමවලින් ගොඩ කරනවා පමණි. තවමත් කුඹුරු ඉඩම් අක්කරයක් රුපියල් ලක්ෂයකට මිලට ගත හැකිය. එය ගොඩකර කුරුඳු වගා කළ විට එම ඉඩමේ මිල රුපියල් ලක්ෂ 85 කි. මේ නිසා ගම්වල සිටින සල්ලිකාරයන් කුඹුරු ඉඩම් තුට්ටුවට දෙකට මිලට ගෙන ඒවා හිතාමතාම පුරන්වීමට ඉඩතබා පසුව බතල හෝ ඉන්නල සිටුවීමට අවසර ගනිති. ඔවුන් බතල, ඉන්නල වවන්න පටන්ගන්නේ දෙසැම්බර් මාසය වැනි අල වර්ග වල අස්වැන්න නෙලන කාලයේය. වසරක්, දෙකක් යන විට එම ඉඩමේ අල නැත. ඇත්තේ කුරුඳු ය; නැත්නම් පොල්ය. නැත්නම් ගොඩනැගිලිය. ඉඩමේ ඔප්පුව කුඹුර හෝ මඩ ඉඩම් ලෙස දක්වා ඇතත් එයින් ගැලවීමට ද නීතිමය ප්‍රතිපාදන ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින්ම සකසා දී තිබේ. කුඹුර යනු මල මිනියකි. ඔහු ඉක්මනින් වල දමන්නට මිස මිය ගිය සත්‍ය හේතුව සොයන්නට කාටවත් උවමනාවක් නැත. කුඹුර ද එසේය. එය රැකිය යුතු රජයේ නිලධාරීන් ද සිටින්නේ ගම් වල කුඹුරු ගොඩකරන ජාවාරම්කරුවන් ගේ සාක්කුවේය.
වැසි ජලයෙන් කන්න දෙකක් වගා කළ හැකි පහත රට තෙත් කලාපයේ කුඹුරු ඉඩම් අක්කර 11,000 ක් වසර පහකට වඩා පුරන් වූයේ කෙසේද කියා කව්රුවත් සොයා බැලුවා ද? හැම ග්‍රාම නිලධාරී වසමකම සිටින කෘෂි නිෂ්පාදන හා පර්යේෂණ සහකාර නිලධාරීන් තම රාජකාරිය නිසි ලෙස ඉටුකර ඇත්ද? එසේ කළා නම් වසර පහකට වඩා මෙතරම් කුඹුරු ප්‍රමාණයක් පුරන් කුඹුරු බවට පත්වේ ද? ඒවා නැවත වගාකිරීමට කියා මහජන මුදල් ලබාදෙන්නේ ද තම කුඹුරු හිතාමතාම හා වංචනිකව පුරන්වීමට ඉඩ තැබූ ගමේ ජාවාරමාටමය. ඔහු ලක්ෂයට කුඹුරු අක්කරයක් මිලට ගෙන එය වසර පහක් පුරන්වීමට තබා එය යළි වගාකිරීමට කියා රජයෙන් රුපියල් ලක්ෂයකට වඩා මුදලක් ලබාගෙන, යළිත් ටික කලකට පසු එම ඉඩම් බතල හෝ ඉන්නල වවන්න කියා අගල් කපා වසරක් දෙකක් තුළ කුරුඳු හෝ පොල් සිටුවයි. යළිත් එම ඉඩම කුඹුරක් නොවේ. ඔප්පුව මඩ ඉඩමකටය. වගාව ගොඩ ඉඩමකය. එයත් හදාගන්න ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ජාවාරමාට ඉතා අනලස්ව මග කියා දේ. කුඹුරක් ගොඩකිරීම හා ඊට අනුබල දීම පවා අපාගත වන පාපකර්මයන් ය.
මෙම අපාගත වන අපරාධයට නීතිමය මුහුණුවර ලබාදෙන්නේ ද කුඹුර හා ගොවියා රැකගන්නට සිටින ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවමය. එය මරණයට සැබෑ හේතුව සොයන්නට පත්කර ඇති මරණ පරීක්ෂකවරයා නෑයන්ගේ පැත්ත ගෙන "මැරුණ කෙනා මැරුණා; දැන් ඉතින් අපි ජීවත්ව සිටින අය රකින්න ඕනා" කියන විදිහේ තත්වයකි. කළ යුත්තේ ආධාර දීම නොව කුඹුරු වගා නොකළ ජාවාරම්කරුවන්ට හා ඔවුන්ට ඊට නිහඬව සිටිමින් පින්පඩි ගත් නිලධාරීන්ට පළමුව නීතිමය පියවර ගෙන දඬුවම් කිරීමය. නමුත්, මෙම ආධාර ක්‍රමය තව, තවත් කුඹුරු ඉඩම් පුරන් කිරීමට දිරිගැන්වීමක් ඇති කරන ක්රමයකි. මෙම ක්‍රමයෙන් ආධාර ගෙන පුරන් කුඹුර ගොඩ කර දෙසැම්බර් මාසයේ බතල වවන ජාවාරම්කරුවන් රට පුරාම සිටිති. එවැනි වටිනා කුඹුරක් ගොඩ කර මේ මාසයේ බතල වවන අය අපේ ගමට ආවොත් ඔබට බලාගත හැක.
අප්පෙ හාමුදුරුවනේ! මෙහෙම ගියොත් 2050 වන කොට ලංකාවේ කුඹුරු ඉඩම් ඔප්පු වල පමණි. ඔප්පුව මඩ ඉඩමක් වුණත් ඉඩම ගොඩ ඉඩමක් ය. ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් ගේ අනුමැතිය සහිත ලිපිය හා ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගොඩ ඉඩම් ලේඛනයේ සහතික පිටපත ළඟ තිබීම ඕනෑම දෙයකට එම කුඹුරු ඉඩම යොදාගැනීමට නීතිමය බලයත් ලබා දී හමාරය. අපේ දරුවන්ට බත් කන්නට වෙන්නේ නැත. කනවා නම් කන්න වෙන්නේ හඳේ වී වගා කළහොත් පමණි. දැන්වත් මහජනතාව අන්දනවා වෙනුවට සැබෑ ගැටළුව හඳුනාගෙන ඒවා එසේ වීමට හේතු මුළුමනින්ම නැතිකිරීමට එක්ව, එක්සිත්ව කටයුතු කිරීමට බලධාරීන් ගේ නෙත් විවර වේවා! නැතිනම් අපේ මිනීවලටත් අනාගත පරපුර ශාප කරනු ඇත!