(චන්ද්‍රසේන ගමගේ)
බෙලිඅත්ත මාහීල්ල පැරකුම් ප්‍රජා ජල සංචිතයට අයත් ජල නළ තොගයක් ලොරි රථයකින් මහ රෑ රැගෙන යාමට උත්සහ කළ බව කියන බෙලිඅත්ත ප්‍රාදේශීය සභා සභාපතිවරයා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එම ජල ව්‍යාපෘතියේ සභාපතිවරයා බව කියන ප්‍රාදේශීය සභා සභාපතිවරයා ඉදිකරමින් පවතින එම ජල සංචිතයට අයත් බට කෑලිවලට කපා වාරියපොළ ප්‍රදේශයේ ලොරි රථයකට පටවමින් සිටියදී ප්‍රදේශවාසීන්ට ලැබුණු තොරතුරක් මත පොලිසිය දැනුම්වත් කර ඇත. පසුව සැකකාර ප්‍රාදේශීය සභා සභාපතිවරයා අත්අඩංගුව ගෙන ඇත.
මේ බට තොගය ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ සහෝදරයකුගේ නිවෙසට ගොඩ ගසා තිබූ ඒවා බව ද පොලිසිය සඳහන් කරයි. සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.