(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ ඉකුත් වසරේ මිලියන 2.4 ක ශ්‍රී ලාංකිකයන් පිරිසක් ජාත්‍යන්තර දරිද්‍රතා සීමාවෙන් පහතට වැටී ඇතැයි රතු කුරුස සංවිධානය නිකුත් කළ නවතම වාර්තාව පෙන්වා දී ඇත.
මෙම අර්බුදයෙන් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ දුප්පත් පවුල් වලට බව එම වාර්තාවේ දැක්වේ.
දුප්පත් නොවන පවුල්වලට වඩා දුප්පත් පවුල් වල අදායම ආර්ථික අර්බුදය හේතුවෙන් හරි අඩකින් අඩු වී ඇති බව රතු කුරුස සංවිධානය පවසා ඇත.ශ්‍රී ලාංකිකයන් තම වත්කම් විකිණීමට පෙළඹී ඇති බවත්, ජීවත් වීම සඳහා ණයකරුවන් වී ඇති බවත් රතු කුරුස සංවිධානයේ වාර්තාවේ දැක්වේ.එම පවුල් වල ළමුන් පාසල් යාම මඟ හැරී යාමේ අවදානමක්ද මතුව තිබෙන බව එම වාර්තාවේ සඳහන් වේ.
ශ්‍රී ලාංකිකයන් මිලියන 5.7 කට මානුෂීය සහාය අවශ්‍ය වී ඇති බවත් ඉන් මිලියන 4.9ක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බවත් රතුකුරුස සංවිධානය පෙන්වා දී තිබේ.
ළමුන්ට, ගර්භණී මාතාවන්ට, කිරිදෙන මව්වරුන්ට, අබාධිත පුද්ගලයන්ට, කාන්තා මූලික පවුල්වලට, සංක්‍රමණිකයන්ට, සරණාගතයන්ට, වතුකරයේ ජනතාවට සහ කුඩා ආගමික කණ්ඩායම් වලට ආර්ථික අර්බුදයෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි රතු කුරුස සංවිධානය එම වාර්තාවේ සඳහන් කර ඇත.
ආර්ථික අර්බුදය හේතුවෙන් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට, වැඩිහිටි සහ අබාධිත පුද්ගලයන්ට ලබා දෙන සහාය අඩු වී ඇති බවත් ඒ හේතුවෙන් මෙම කණ්ඩායම් අවදානමට ලක්ව ඇති බවත් එම වාර්තාව පෙන්වා දී තිබේ.
එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා වූ කාර්යාලයට අනුව ශ්‍රී ලාංකිකයන් මිලියන 5.71 ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩා විඳී.එසේම ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන උග්‍ර ඖෂධ හිඟය හේතුවෙන් මිලියන 1.97 ජනතාවකට බලපෑම් එල්ල වී ඇති බවත් කෘෂිකාර්මික උපකරණ සහ පොහොර වල මිල ඉහළ යාමත් පොහොර ප්‍රමාණවත් පරිදි නොලැබීමත් හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් මිලියන 3.45 කට බලපෑම් එල්ල වී ඇති බවත් එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා වූ කාර්යාලය පෙන්වා දී තිබේ.
එසේම ආදායම් අහිමි වීම හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර හිඟවීම නිසා ශ්‍රී ලාංකිකයන් මිලියන 2.43 කට බලපෑම් එල්ල වී ඇතැයි එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා වූ කාර්යාලය පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකට කමක් නැහැ. අප්පච්චිලා, බාප්පලා, පුතාලා, බෑනලා, නෑනලා ඇතුළු නඩේ හත්මුතු පරම්පරාවටම සල්ලි ගොඩ ගහලා තියෙනවනේ... දියවන්නාවේ ඉන්න බහිරවයින් සියල්ලම ඉන්නේ මෙගා පෝසත් ලිස්ට් එකට කිට්ටුව වෙන්න ඕනෑ කිරිබත් උයලා, අහස් කූරු යවලා සතුටු වෙයව් බොලව්....
මේ තත්වයට පත් කරන්න තමයි වත්මන් ජනාධිපති රනිල් කටයුතු කලෙත්. තුන් වේල කන්න දෙනවයි කියල කියමින් බලයට ආපු මේ ජනාධිපති, ලංකාව දුප්පත් රට කියමින් කැබිනට් අනුමැතියත් අරන් ලෝකෙට ප්‍රකාශ කලා. රජයේ වගකීම රට දුප්පත් කමින් මිදින්න එක මිස, දුප්පත් රටක් කියල ප්‍රකාශ කරන එක නොවේ. ඒ නිසා තමයි මම එදා ඉඳන් කියන්නේ, රනිල්ට ආර්ථිකය ගොඩ දාන්න හැකියාව තියනවා නම්, මත්තල ගුවන්තොටුපොල වී ගබඩා බවට පත් කරන්න නැහැ කියල.
රට මේ තත්වයට පත්කරපු මේ කාලකණ්ණි ආණ්ඩුවේ ඉන්න අයට නම් හොඳක් වෙන්නේ නැහැ. ඔවුන්ට තවත් කඩේ යන අයටත් හෙණ ගහනවා.
වරෙල්ලා චන්දේ ඉල්ලන්න .
69 ලක්ෂයේ කී දෙනෙක් ඔය අතරේ ඉන්නවද?
මේ තත්ත්වය ඉක්මනින්ම වෙනස් කරන්න වෙයි. පාර්ලිමේන්තු මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් එනතුරු සිටින්න තරම් වෙලාවක් නැහැ. මක්නිසාද ඇමතිලා සහ මන්ත්‍රීවරු ගිලෙන නැවක සිටින මීයෝ වගෙයි. මේ තත්ත්වය නුදුරේදී වෙනස් වෙන්නේ නැහැ. ඔවුන්ගේ හොර මැරකම් තවත් වැඩිවෙලා. සදහටම සමුගන්න පෙර තවත් කුමක් හෝ හොරාගන්න එපැයි.