(ඩයනා උදයංගනී)
ආණ්ඩුව ජනතාව පීඩාවට පත්වන අයුරින් කටයුතු කරන්නේ නම් එහි ඉන්නවාද නැද්ද යන්න ගැන තීන්දුවක් ගැනීමට සිදුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පැවසීය.
යළිත් විදුලිබිල වැඩිකළහොත් ජනතාව විශාල වශයෙන් පීඩාවට පත්වන බව කී මන්ත්‍රීවරයා ආදායම් වැඩිකරගැනීම සඳහා වෙනත් යෝජනා ක්‍රියාවට නැංවිය යුතු බව ද සඳහන් කළේය.
විදුලිබිල වැඩි කළහොත් ඉදිරි මැතිවරණවලදී රෙදි ඇඳගෙන ජනතාව අසලටයාමට නොහැකි වන බව කී මන්ත්‍රීවරයා එබැවින් ජනයා තවදුරටත් පීඩාවට පත්නොකර මත්පැන් හා මත්ද්‍රව්‍යවල බදු වැඩිකර ආදායම් සොයාගන්නැයි ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව ද කීවේය.
ජගත් කුමාර මහතා මේ බව පැවසුවේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මත්පැන් හා මත්ද්‍රව්‍ය මිල ඉහළ නොදමන්නේ ආණ්ඩුවේ සිටින අයගේ සහය එම ව්‍යාපාරයට ලැබෙන නිසා බවට අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපතිවරයා ඉකුත් දා ප්‍රකාශ කළ බව කී ජගත් කුමාර මහතා පාර්ලිමේන්තුවේ මත්පැන් අලෙවි බලපත්‍ර ඇති, විදුලි බිල් හා ජල බිල් නොගෙවන අය සිටින බව කීවත් ඒ කවුරුන්ද යන්න නම් සහිතව හෙළිදරව් නොකිරීම නිසා එවන් වැරදි නොකරන තමන් වැනි අයටද අපහසුතාවට පත්ව සිටින බව ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වේලක් ඇර වේලක් කන්න කියපු කෙනානේ...
උපාසක කෙනෙකුට අඳින්න හදනවා... කොල්ලෝ ඔබ කොහොමත් එන මැතිවරණයෙන් ගෙදර...
බහුතරය ගැලවෙන්න ඉතා ආසන්නයි...
ගැහැනිව ගණිකා මඩමකට දාපන් .හොඳම තීරණය
මුන්දැ හිටපු සමුර්ධි නිළධාරියෙක් කියලා අහල තියෙනවා 1994 සිට රට සමුර්ධිමත් කලානේ. මෙහෙම උපදෙස් දෙන පුද්ගලයා මැතිවරණ තරගෙට එන්න පෙර තමන්ගෙ කොට්ඨාසයේ ජනතාව සමුර්ධිමත් කරල තියේද බලන්න. අඩුම තරමින් තමන්ගෙ වසමේ මෙයා සහ පවුලේ අයහැර පවුල් කීයක් දුගීබවෙන් ගොඩගෙන තිබේද බලන්න. අපිට කියන්න තියෙන්නෙ ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට කියලා තමයි.
දවසක් හැර දවසක් ලයිට් දාන්න කියලා ආණ්ඩුවට වෙලා ඉන්න.
මෙන්න මෙයා මොනවද කියවනවා..........විදුලිබිල වැඩි කළහොත් ඉදිරි මැතිවරණවලදී රෙදි ඇඳගෙන ජනතාව අසලටයාමට නොහැකි වන බව කී මන්ත්‍රීවරයා......... නැතුව මේ පිඩාවට පත්වෙලා ඉන්න මිනිස්සු ගැන හිතලා නෙමෙයි... අනේ ලොක්කා චන්දේ එනකන් ඔහේ කියන්න තියෙන දෙයක් කියවා කියවා ඉන්න. ඔය හැමෝම මේ පාර ගෙදර යැව්වේ නැත්නම් මේ රට ආයේ කවදාවත් ගොඩගන්නවා බොරු. දැන් ඔය හැමෝගෙම කෙරුවාවල් මිනිස්සුන්ට 1000%ක් තේරිලා තියෙන්නේ. වාසී පැත්තට හෝය්යා කියලා කොයි පැත්තට පැන්නත් ඔබතුමාලා මේ පාර ගෙදරම තමයි. එකේ දෙකක් නෑ.