(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
අක්කරෙයිපත්තුව මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ පළමු මහලේ පිහිටි ලේඛනාගාරයේ ගබඩා කර තිබූ නඩු ලේඛනවලට ඉකුත් 21 වැනි දා අළුයම් කාලයේ ගිනි තබා විනාශ කළ බව කියන තරුණයෝ තිදෙනෙක් අක්කරපත්තුව පොලීසිය විසින් පෙරේදා 28 සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ අක්කරේපත්තු ප්‍රදේශයේම තරුණයෝ තිදෙනෙකි. සැකකරු අධිකරණ ලේඛනාගාරයට ගිනි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු 24 වැනි වියෙහි පසුවන අතර සෙසු සැකකරුවන් අතර 17 සහ 20 වියේ පසුවන තරුණයන් දෙදෙනනෙකි. ඔවුන් ප්‍රධාන සැකකරුගේ මිතුරන් බව පොලීසිය පවසයි.
සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්පාර කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත රත්නායක මහතාගේ විශේෂ උපදෙස් මත පරීක්ෂණ පවත්වන ලද අක්කරෙයිපත්තුව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු සැකකරුට එරෙහිව පහරදීම් ගංජා ළඟ තබා ගැනීම ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන් නඩු නමයක් අධිකරණයේ විභාග වන බවත් එම නඩු ගොනු විනාශ කිරීමේ අරමුණින් මෙවැන්නක් කර ඇති බවත් පොලිස් පරීක්ෂණවලින් පෙනී ගොස් ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
ප්‍රධාන සැකකරුගේ ඉල්ලීමට ඔහු සමග ඇති හිතවත්කම මත අනෙක් දෙදෙනා මෙයට හවුල් වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
පසුගිය 21 වෙනිදා අළුයම් කාලයේ සිදු කර තිබූ මෙම ගිනි තැබීමෙන් එම ලේඛනාගාරයේ තිබූ නඩු ලේඛන සියල්ලක් ම පාහේ විනාශ වී ගොස් තිබිණි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.