සාපෙළ සිසුවිය පිපිරිමකින් තුවාල ලබයි වගාවන් සඳහා සකස්කළ පැරණි ඉඩමක් බැලීමට ගිය අවස්ථාවේ එම භූමියේ තිබු කිසියම් පුපුරණ ද්‍රව්‍යක් පිපිරීමෙන් 16 හැවිරිදි සිසුවියක තුවාල ලබා රෝහල් ගතකොට ඇතැයි පලෙයි පොලිසිය පවසයි. 23 May 2022
වඳුරු පැපොල ලංකාවටත් එන්න පුළුවන් අප්‍රිකානු කලාපයේ පැතිර යන වඳුරු පැපොල රෝගය ශ්‍රී ලංකාවටද පැමිණිය හැකි හෙයින් සියලු දෙනා ඒ ගැන කල්පනාවෙන් පසුවිය යුතු බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය 23 May 2022
අද දිවුරන ඇමැතිවරු මෙන්න කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් තවත් දස දෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ තව සුළු මොහොතකින් දිවුරුම්දීමට නියමිතව ඇත. 23 May 2022
විසිඑක අද කැබිනට්ටුවට නෑ විසිඑක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත කැබිනට් මණ්ඩලයට අද (23)ඉදිරිපත් නොකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 23 May 2022
අදත් තැන තැන වැස්ස බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (23) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 23 May 2022
පාර්ලිමේන්තු අධි ආරක්ෂක කලාපයේ ඔත්තු බැලූ තරුණයෙක් මාට්ටු පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයට ආසන්න අධිආරක්ෂක කලාපයට අයත් ජල තීරයට අනවසරයෙන් ඇතුළුවී ඔත්තු බලමින් සිටි බවට සැක කෙරෙන තරුණයෙක් බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ ( පාර්ලිමේන්තු )නිලධාරියා විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 23 May 2022
අද ගෑස් සිලින්ඩර 82,909 ක් සූදානම් ලිට්රෝ ගෑස් සමාගම අද (23) විවිධ ප්‍රමාණයේ ගෑස් සිලින්ඩර 82,909 ක් පාරිභෝගිකයන්ට සැපයීමට නියමිත බව එම සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය. 23 May 2022
අරුණි විජේවර්ධන විදේශ අමාත්‍යංශ නව ලේකම් විදේශ කටයුතු අමාත්‍යංශයේ නව ලේකම්වරිය ලෙස අරුණි විජේවර්ධන මහත්මිය පත් කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ග පැවසුවේය. 23 May 2022
තවත් 10 ඇමැතිකමේ අද දිවුරයි කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් තවත් දස දෙනෙකු පමණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (23) දිවුරුම් දීමට නියමිතය. 22 May 2022
ඩී.අයි.ජීට - ඒ.එස්.පීට පහරදුන් අයෙක් මාට්ටු අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර දී ඉකුත් (9) තිබූ ප්‍රචණ්ඩකාරී සිද්ධියෙන් අනතුරුව මරදාන පංචිකාවත්ත ප්‍රදේශයේ දී නියෝජ්‍ය පොලිස්පතිවරයකු ට හා,පොලිස් අධිකාරීවරයකු ට පහර දී පොලිස් මෝටර් රථයට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි 22 May 2022
හදිසියේ ලෙඩ වූ සිඟිත්තිය මරුට හදිසියේ රොගී වූ දින දෙකක් වයසැති බිළිඳියක ඉන්ධන ගැටළුව හේතුවෙන් රෝහල්ගත කිරීමට ප්‍රමාද වීම නිසා මියගොස් ඇතැයි හදිසි මරණ පරීක්ෂණයේදි තහවුරු වූ බව දියතලාව හදිසි මරණ පරීක්ෂක ඩී. එම්. දිසානායක මහතා පවසයි. 22 May 2022
‘ඉන්ධන ප්‍රවාහන ටැංකි රථ පොලිස් ආරක්ෂාව ඉල්ලයි‘ ඉන්ධන ප්‍රවාහන කරන ටැංකි රථවලට ආරක්ෂාව ලබාදෙන ලෙස පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කළ බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා පැවසීය. 22 May 2022
කරාපිටිය රෝහලට රෝගීන් බාරගැනීම සීමා කරයි පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් කාර්ය මණ්ඩලයට සේවයට පැමිණීම සඳහා ඉන්ධන ලබාගැනීම ගැටලුවක් වී ඇති බැවින් කරාපිටිය ශික්ෂණ රෝහලට හෙට (23) සිට රෝගීන් බාර ගැනීම සීමා කිරීමට සිදුවනු ඇතැයි රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි. 22 May 2022
කැනේඩියානු පාර්ලිමේන්තුවේ සම්මත වූ යෝජනාවට ඇමති ජී.එල් ගේ විරෝධය ශ්‍රී ලංකාවේ දමිළ ජන සංහාරයක් සිදු වූ බව සඳහන් යෝජනාවක් කැනේඩියානු පාර්ලිමේන්තුවේ දී ඉකුත් 18 වැනිදා සම්මත කරගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධය සහ කනස්සල්ල පළ කරන බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය. 22 May 2022
ඉන්ධන අර්බුදයෙන් එළවළු සහ මාළු මිලත් ඉහළට පවතින ඉන්ධන අර්බුදය හමුවේ එළවළු සහ මාළු මිල ගණන් පාරිභෝගිකයන්ට දරාගත නොහැකි තරමින් විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ. 22 May 2022
‘ඉදිරියේදී භූමිතෙල් නැති වෙන හැඩ‘ භූමිතෙල් සැපයීම ඉදිරියේදී සීමා කිරීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචක විජේසේකර මහතා පැවසීය. 22 May 2022
ඉන්දියාවෙන් ලැබුණු සහනාධාර බාර දෙයි ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට සහන සැළසීම සඳහා ඉන්දියාවෙන් යොමු කළ රුපියල් කෝටි 200 ක් පමණ වටිනා අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා අද (22) භාරදුන්නේය. 22 May 2022
අත්‍යාවශ්‍ය සේවා සඳහා වෙනම ඉන්ධන හල් හමුදාව,පොලිසිය හා සෞඛ්‍ය සේවා වැනි අත්‍යවශ්‍ය අංශවල වාහනවලට ඉන්ධන සැපයීම සඳහා ඉන්ධන පිරවුම් හල් වෙනම නම් කිරීමට රජය තීරණය කර ඇත. 22 May 2022
ලෝක ආහාර සංවිධානයෙන් අගමැතිට සහතිකයක් ශ්‍රී ලංකාවට ආහාර අර්බුදයක් ඇතිවුවහොත් එයින් ගොඩ ඒම සඳහා උදව් කරන බව එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකාර්මික සංවිධානය (UN FAO) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහතික වී තිබේ. 22 May 2022
නොහික්මුණු රියදුරකු නිසා සිඟිත්තාගේ දිවි තොර වෙයි රඹුක්කන සිට මාවනැල්ල දක්වා ධාවනය කරවූ ලංගම බසය පසුපස ආසනයේ වාඩි වී සිටි මවගේ තුරුලේ සිටි අවුරුදු තුන හමාරක දරුවකුගේ හිස අනාරක්ෂිතව මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක ගැටී බරපතල තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු මියගිය බව පොලිසිය කියයි. 22 May 2022
රුපියල් කෝටියකට වැඩි ඩොලර් වැලිකඩින් අල්ලයි උණ්ඩියල් ක්‍රමයට මුදල් ජාවාරම් කිරීමට සුදානමින් සිටි පුද්ගලයකු ඇමරිකානු ඩොලර් 50,000 ක් සමඟ පුද්ගලයකු වැලිකඩ ප්ලාස් ගොඩනැගිල්ලේ දී විශේෂ කාර්ය බලකා බුද්ධි අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව එම බලකාය කියයි. 22 May 2022
ලිට්රෝ ගෑස් සමාගමෙන් පරිගණක ‘යෙදවුමක්’ ලිට්රෝ ගෑස් අළෙවි නියෝජිතයන්ට දෛනිකව ලැබෙන ගෑස් සිලින්ඩර ප්‍රමාණය කලින් දැනගැනීමට හැකියාව ලැබෙන පරිගණක ‘යෙදවුමක්’ හදුන්වා දෙන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා පැවසීය. 22 May 2022
රියදුරු බලපත්‍ර ලක්ෂ 10 ක් හිරවෙලා රියදුරු බලපත්‍ර මුද්‍රණය කරන ‘සුහුරු’ කාඩ්පත් මාස කීපයක සිට නොමැති වීමෙන් රියදුරු බලපත්‍ර ඉල්ලුම්පත් ලක්ෂ 10 කට අධික ප්‍රමාණයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ගොඩගැසී ඇති බව වාර්තා වේ. 22 May 2022
අගමැති අරලියගහ මන්දිරේට නොයයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ පදිංචියට නොයෑමට තීරණය කර ඇත. 22 May 2022
මුලතිව් කුරුදුමලෙයි විහාරයේ කැනීම් අවසන් මුලතිව් කුරුදුමලෙයි ඓතිහාසික කරුන්දි පුරාණ රජමහා විහාරයේ කැනීම් කටයුතු මේ වනවිට අවසන් වී ඇතැයි කුරුන්දි රජමහා විහාරයේ විහාරාධිපති , උතුරු පළාත් ප්‍රධාන සංඝනායක ගල්ගමුවේ සාන්තබෝධි හිමියෝ පැවැසූහ. 22 May 2022
ටවුමෙ පාලු ඉඩම් වලත් වවන්න යයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති ප්‍රයෝජනයට නොගත් සියලුම ඉඩම් බෝග වගා කටයුතු සඳහා යොදා ගන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 22 May 2022
ගෑස්වලටත් මිල සූත්‍රයක් පාරිභෝගිකයාට සහන සැලසීම සඳහා ගෑස් මිල සූත්‍රයක් හඳුන්වා දෙන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) ලිට්රෝ සමාගමේ නිලධාරීන්ට නිර්දේශ කළේය. 22 May 2022
ජවිපෙ නායකයෝ හෙට පොලිස්පති හමුවෙති රටපුරා පසුගිය දිනවල ඇති වූ ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා හෙට සදුදා උදේ හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය . 22 May 2022
තෙල් ඉවර වූ පසු ඉන්ධනහලේ හිමිකරුගේ නිවෙසට ගිනි තියලා ඉපලෝගම රණජයපුර ඉන්ධන පිරවුම්හලක හිමිකරුගේ බෝගහඅක්කරය, කලාකරඹෑව නිවසට කිසියම් පිරිසක් ගිනි තබා විනාශ කර ඇතැයි ඉපලෝගම පොලීසිය පවසයි. 22 May 2022
ශ්‍රී ලාංකික කාන්තාවක් පළමුවරට කැන්ගරු පාර්ලිමේන්තුවට ඕස්ට්‍රේලියාවේ 47 වෙනි පාර්ලිමේන්තුව සඳහා සාමාජිකයන් තෝරා පත් කරගැනීම සඳහා ඊයේ (21) පැවති ෆෙඩරල් මැතිවරණයේදී ශ්‍රී ලංකාවේ උපත ලද කැසන්ඩ්‍රා ප්‍රනාන්දු මහත්මිය ජයග්‍රහණය කළාය. 22 May 2022
රාජකාරි කළ පොලිස් නිලධාරියෙක් හප්පා මරලා අම්බලන්තොට නගරයේ රථවාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් නිළධාරින් දෙදෙනකු වැන් රථයකින් ආ පිරිසක් අද අලුයම 2.45ට පමණ යට කර එක් නිලධාරියකු මරා තවත් අයකු තුවාල කර පළාගොස් ඇතැයි පොලිසිය කියයි... 01 January 2026