IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සිමෙන්ති සංස්ථාව අනවසරයෙන් කෝටි7ක් ’’ෆික්ස් ඩිපෝසිට්’’ දාලා

(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව 2019 සහ  2022 වර්ෂවලදී  කෝටි 7 ක මුදලක් චක්‍රලේඛ ප්‍රකාරව අනුමැතිය ලබා ගැනීමෙන් තොරව රාජ්‍ය  බැංකුවක ස්ථාවර තැන්පතු වල ආයෝජනය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මේ අතර සංස්ථාව තුළ 2016 වර්ෂයේ සිට අභ්‍යන්තර විගණන  අංශයක් ක්‍රියාත්මක නොවූ බව එම වාර්තාවේ දැක්වෙයි.

මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා  සිමෙන්ති සංස්ථාවේ 2019 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.



අදහස් (5)

සිමෙන්ති සංස්ථාව අනවසරයෙන් කෝටි7ක් ’’ෆික්ස් ඩිපෝසිට්’’ දාලා

winsly Friday, 30 December 2022 01:41 PM

වෙලාවට නොකියා ඩිපොසිට් කළේ... නැත්නම් ඒකටත් කෙළිනවාමයි.

:       0       8

කිරිපුතා Friday, 30 December 2022 02:00 PM

එතරම් මුදලක් ස්ථාවර තැනපතු දැම්මා නම් එහි පොලිය සංස්ථාවටනේ... එතැන හොරකමක් වෙලා නැත්නම් ඒක නරක වැඩක් නෙවෙයි වගේ. ලේඛන නම් ඉතින් අපේ රටේ තියෙන්නේ වැඩ නොකරන්නමනේ...

:       0       11

ranjith Friday, 30 December 2022 02:21 PM

හොඳ වැඩක්නේ කරලා තියෙන්නේ... හොරෙන්ම දාන්න ඇත්තේ ඕක කළින් දැනගත්තා නම් පිල්ලිය ගහන බව එම නිලධාරීන් දැනසිටි නිසා වෙන්න ඇති. හොරකම් හොයන්නේ නැහැ... මේවා පස්සේ තමයි පෙන්නන්නේ..!

:       0       9

siril Friday, 30 December 2022 02:43 PM

ඔය කෝටි 07 වංචා කළා නම් අන්තිමට නිදොස්කොට නිදහස් වෙන්න තිබුණා. කරලා තියෙන්නේ හොඳ වැඩක්... හොඳ වැඩ කරන මිනිස්සුන්ට දඬුවම් ලැබෙන්නත් පුළුවන්. හොරු නිදහස්වෙන හොඳ මිනිස්සුන්ට වරද වැටෙන රටක්...

:       0       9

චින්තන Saturday, 31 December 2022 12:54 AM

මෝඩ නිලදාරින්. කෝටි 7 බොරු වියදම් හදල සාක්කුවෙ දාගත්තා නම් ඉවරයිනේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 153 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site