(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව 2019 සහ 2022 වර්ෂවලදී කෝටි 7 ක මුදලක් චක්‍රලේඛ ප්‍රකාරව අනුමැතිය ලබා ගැනීමෙන් තොරව රාජ්‍ය බැංකුවක ස්ථාවර තැන්පතු වල ආයෝජනය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
මේ අතර සංස්ථාව තුළ 2016 වර්ෂයේ සිට අභ්‍යන්තර විගණන අංශයක් ක්‍රියාත්මක නොවූ බව එම වාර්තාවේ දැක්වෙයි.
මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ 2019 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙලාවට නොකියා ඩිපොසිට් කළේ... නැත්නම් ඒකටත් කෙළිනවාමයි.
එතරම් මුදලක් ස්ථාවර තැනපතු දැම්මා නම් එහි පොලිය සංස්ථාවටනේ... එතැන හොරකමක් වෙලා නැත්නම් ඒක නරක වැඩක් නෙවෙයි වගේ. ලේඛන නම් ඉතින් අපේ රටේ තියෙන්නේ වැඩ නොකරන්නමනේ...
හොඳ වැඩක්නේ කරලා තියෙන්නේ... හොරෙන්ම දාන්න ඇත්තේ ඕක කළින් දැනගත්තා නම් පිල්ලිය ගහන බව එම නිලධාරීන් දැනසිටි නිසා වෙන්න ඇති. හොරකම් හොයන්නේ නැහැ... මේවා පස්සේ තමයි පෙන්නන්නේ..!
ඔය කෝටි 07 වංචා කළා නම් අන්තිමට නිදොස්කොට නිදහස් වෙන්න තිබුණා. කරලා තියෙන්නේ හොඳ වැඩක්... හොඳ වැඩ කරන මිනිස්සුන්ට දඬුවම් ලැබෙන්නත් පුළුවන්. හොරු නිදහස්වෙන හොඳ මිනිස්සුන්ට වරද වැටෙන රටක්...
මෝඩ නිලදාරින්. කෝටි 7 බොරු වියදම් හදල සාක්කුවෙ දාගත්තා නම් ඉවරයිනේ.