IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පේරාදෙණිය සරසවි මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අත්අඩංගුවට

(ෂේන් සෙනෙවිරත්න) 

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අනුරාධ විදානගේ මහනුවරදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි .

ඔහු මහනුවර නගරය තුළදී අද (29) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මේ සම්බන්ධයෙන් ඉහළ පොලිස් නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී ඔහු පවසා සිටියේ අත්අඩංගුවට පත් ශිෂ්‍ය  සංගම් සභාපති වරයා මහනුවර මූලස්ථාන පොලීසියේ රඳවා තැබීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි .

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති භූගර්භ විද්‍යා අංශයේ මහාචාර්ය අතුළත් සේනාරත්න මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට පහරදී නිල නිවසට අලාභානි කිරීමේ සිද්ධියට එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිවරයා සහ වත්මන් සභාපතිවරයා සම්බන්ධ බවට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් උසාවියට දැනුම් දී සිටි අතර ඔවුන් දෙදෙනා එම සිද්ධියට සම්බන්ධයක් ඇත්නම් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරයා එහිදී දැනුම් දී තිබුණි .

 



අදහස් (5)

පේරාදෙණිය සරසවි මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අත්අඩංගුවට

Lal Thursday, 29 December 2022 07:12 PM

ගොඩක් හොඳයි... මේ වගේ ත්‍රස්තවාදීන් විශ්ව විද්‍යාලයෙන් ඉවත් කර තබන්න.

:       8       20

Bamunuarachchi Friday, 30 December 2022 07:40 AM

එල්ලුම් ගහ ක්‍රීයාත්මක කරන්න කාලය පැමිණ තිබේ.

:       2       2

sharm warn Friday, 30 December 2022 09:47 AM

ප්‍රශ්නෙ පටන් ගත්ත අර මහ වියතාගෙ පුත්‍රයා ට නිතියෙන් කිසිම ක්‍රියා මාර්ගයක් ගන්නෙ නැද්ද? මෙක ඩදයමක්. . දරුවන් විශ්ව විඩ්යාල යවන එක අඩු කරවන්න. . අපරාදෙ කියන්න හොද නැහැ.. බටලන්දයාටම කුලියට කඩේ යන වහල්ලු සෙට් එකක් අලුතෙන් බෝ වෙලා..

:       2       0

සත්‍ය ගවේෂී.Friday, 30 December 2022 06:24 PM

එහෙම පක්ෂග්‍රාහී විදිහට කතා කරන්න එපා. අපත් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අය. ඒත්, චණ්ඩිකමට, මැරවර කමට ඉඩතියන්න හොඳ නැහැ. රටේ පොදු නීතිය කාටත් එකයි. උගතුන්ගේ විනය තිබිය යුතුයි. විනයක් නොමැති දාමරික උගතුන්ගෙන් වැඩක් නැත. ස්වයං පාලනය නැති දාමරිකයින් නීතිය මගින් හෝ මෙල්ල කළ යුතුයි.

:       0       2

BamunuarachchiSaturday, 31 December 2022 05:21 PM

පස්වෙනි ශ්‍රේණිය සමත් නැති කෙනෙකුට උත්තර දෙන්න කාලය නාස්ති කරන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 153 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site