(ෂේන් සෙනෙවිරත්න)
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අනුරාධ විදානගේ මහනුවරදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි .
ඔහු මහනුවර නගරය තුළදී අද (29) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මේ සම්බන්ධයෙන් ඉහළ පොලිස් නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී ඔහු පවසා සිටියේ අත්අඩංගුවට පත් ශිෂ්‍ය සංගම් සභාපති වරයා මහනුවර මූලස්ථාන පොලීසියේ රඳවා තැබීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි .
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති භූගර්භ විද්‍යා අංශයේ මහාචාර්ය අතුළත් සේනාරත්න මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට පහරදී නිල නිවසට අලාභානි කිරීමේ සිද්ධියට එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිවරයා සහ වත්මන් සභාපතිවරයා සම්බන්ධ බවට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් උසාවියට දැනුම් දී සිටි අතර ඔවුන් දෙදෙනා එම සිද්ධියට සම්බන්ධයක් ඇත්නම් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරයා එහිදී දැනුම් දී තිබුණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් හොඳයි... මේ වගේ ත්‍රස්තවාදීන් විශ්ව විද්‍යාලයෙන් ඉවත් කර තබන්න.
එල්ලුම් ගහ ක්‍රීයාත්මක කරන්න කාලය පැමිණ තිබේ.
ප්‍රශ්නෙ පටන් ගත්ත අර මහ වියතාගෙ පුත්‍රයා ට නිතියෙන් කිසිම ක්‍රියා මාර්ගයක් ගන්නෙ නැද්ද? මෙක ඩදයමක්. . දරුවන් විශ්ව විඩ්යාල යවන එක අඩු කරවන්න. . අපරාදෙ කියන්න හොද නැහැ.. බටලන්දයාටම කුලියට කඩේ යන වහල්ලු සෙට් එකක් අලුතෙන් බෝ වෙලා..