(ඩයනා උදයංගනී)
බංග්ලාදේශයේ ඩකා නගරයේ දී පසුගියදා විවෘත කෙරුණු ආකාරයේ සැහැල්ලු දුම්රිය පද්ධතියක් ලබන වසරේදී ශ්‍රී ලාංකිකයන්ට ලැබීමට තිබූ අවස්ථාව මුග්ධ ලෙස කටයුතු කළ නිලධාරීන් හා උගතුන් යැයි කියනා කිහිප දෙනෙකු එකතු වී ගෝඨාභය රාජපක්ෂ මහතා ලවා රටට අහිමි කරවූ බව 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
මෙයින් අහිමි වූ ආයෝජන ප්‍රමාණය, ඩොලර් බිලියන 8 කට ආසන්න බව කී රණවක මහතා වසර 3 ක කාලය තුල එම මුදල් ලැබුණේ නම් වත්මන් ආර්ථිකය අර්බුදය ඇති නොවන බව ද ප්‍රකාශ කළේය.
කොළඹ නගරය අවට සැහැල්ලු දුම්රිය පද්ධති 4ක් සහ, මරදාන සිට හෝමාගමට ප්‍රධාන දුම්රිය නවීකරණ ව්‍යාපෘතියක් තමන් මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයාව සිටියදී සැලසුම් කළ නමුත් ඒ සියල්ල මුග්ධ තර්ක විතර්ක මැද 2020 දී නතර කළ බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කඩුවෙල සිට කොටුවට, මොරටුව, පිළියන්දල කිරුළපන හරහා මරදානට, රාගම, රාගම, කඩවත, කැලණිය, අංගොඩ හරහා කොටුවට සහ කොට්ටාව හරහා බත්තරමුල්ල ආවරණය වන ලෙස වශයෙන් මෙම සැහැල්ලු දුම්රිය පද්ධති සැලසුම් කර තිබූ බවත්, මෙයින් මාළඹේ කොටුව කොරිඩෝව පළමුව ඉදිකිරීමට ජපානයෙන් සියයට 0.1 පොලියට අවුරුදු 12ක ණය ආපසු ගෙවීමේ සහන කාලයක් ඇතිව තවත් අවුරුදු 40කින් ණය ගෙවීමට හැකි වන ආකාරයේ ණයක් දුන් බවත් හෙතෙම කීවේය.
එමෙන්ම බත්තරමුල්ලේ, කොළඹ කොටුවේ විශාල ප්‍රවාහන මූලස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කර තිබූ අතර, එයට ප්‍රංශ රජයෙන් නොමිලේ ප්‍රධානයක් ලැබුණු බව ද කී මන්ත්‍රීවරයා මෙවන් ව්‍යාපෘති ගණනාවක් නතර කෙරුණු බවත් එය සහාසික අපරාධයක් බවත් පැවසීය.
සෞභාග්‍යයේ මග නමින් පැමිණි අය රටට බොහෝ දෑ අහිමි කළ බව කී රණවක මහතා අනාගතයේ යම් ස්ථාවරත්වයක් ඇතිවුවහොත් පමණක් මේවා ක්‍රියාත්මක වනු ඇති නමුත් එම ව්‍යාපෘති සඳහා බලය, ජවය සැපයූ වෘත්තීයවේදීන් සියලුදෙනාම මේ වන විට රට හැරගොස් ඇති බව කණගාටුවෙන් වුවත් ප්‍රකාශ කිරීමට සිදුව ඇතැයි ද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝඨාභයයට එම ලණුව දුන්නේ අර ආචාර්ය කියන කෙනා. ගෝඨාභයටත් කිසිම දේශපාලන අවබෝධයක් නැති නිසා එම ලණුව කෑවා. ඔහු විසින් මෙම ව්‍යාපෘතිය කඩාකප්පල් කරන්න කියපු හේතුව තමයි එම යෝජිත සැහැල්ලු දුම්රියෙන් භාණ්ඩ ප්‍රවාහන කළ නොහැකියි කියලා. ලෝකේ කොහෙවත් සැහැල්ලු දුම්රියෙන් භාණ්ඩ ප්‍රවාහනය කරන්න නැති බව අර ආචාර්යයාට නොතේරුණු එක සහ ඇමරිකාවේ කාලයක් ජීවත් වූ ගෝඨාභයටත් නොතේරුණු එකත් ලොකු මෝඩකමක්....
අර අතිපණ්ඩිත ඉංජිනේරුවා රටින්ම එළවන්න. දේශපාලන මංකොල්ල කෑම්වල ගැඹුර මේකෙන් තේරුම් ගන්න... ඔවුන්ගේ කුට්ටිය ජපානෙත් එක්ක බැරි නිසා වැඩේ අත්ඇරෙන තැනට යන්න දීලා හිටියා. චීනෙන් වැඩි ගාණට අරන් භාගයක් ගෙදර ගෙනියන්න හීන දැකපුවා දැන් වතුරේ... මැදමුලන හොරු...
මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අත් සිටුවීමේ තීරණය පිටුපස එක්එක් අයගේ පෞද්ගලික ඥාය පත්‍රත් තියෙන්න ඇති... හැබැයි ඉතින් මේකත් මේ තාක් රටේ ක්‍රියාත්මක වෙච්චි අධිවේගී මාර්ග, වරාය, මහ නගර හා ගුවන් තොටුපළ වැනි මහා පරිමාණ ව්‍යාපෘති මෙන්ම විදේශ ණය මත ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ ව්‍යාපෘතියක්.... ඉදිකළ පසු ඒ ණය කවර පදනමක් මත හෝ පසු කාලීනව ගෙවිය යුතුයි. වඩා වැදගත් වෙන්නේ ඉදිකළ ක්‍රියාත්මක වූ පසු ඒ පද්ධතිය නඩත්තු කර ගන්න අපට ආර්ථික හා තාක්ෂණික වත්කමක් තිබේ ද යන්නයි. දැන් රට දුවන්නෙත් මෙතෙක් ලැබූ විදේශ ණය පියවීම පැහැර හරිමින්, ඉතින් තව තව ණය වුණොත්? මේ තබා දැනට රටේ පවතින දුම්රිය ධාවන පද්ධතිය නඩත්තු කර ගන්නවත් ශක්තියක් අපට නැහැ. ඉන්දියාවෙන් ණය පදනමක් මත (?) මෑතක දී ආනයනය කළ දුම්රිය මැදිරි සිය ගණනක් තාම ධාවනයට එක් කර ගන්න බැරුව අංගනවල දිරාපත් වෙනවා. ඒ නිසා මේ වගේ අධි තාක්ෂණික ව්‍යාපෘති ගැන අපි මවන සිහින එතරම් සුන්දර නැහැ....
ඔහෙට පේන්නේ ඒ ණය නොගැනීම අහිමි වීමක් විදියට. මොකද ගාණක් සාක්කුවේ දාගන්න තිබුණ අවස්ථාව නැති වුණ නිසා. නමුත් අපට නම් පෙනෙන්නේ අපේ දරුවන්ගෙ කරපිට වැටෙන්න තිබුණු තවත් ණය කන්දරාවක් යන්තමින් වැළකුණා කියලා. මොකද ඒ මුදල් අරගෙන වියදම් කළා කියලා ආර්ථිකේ කෙටි කාලීනව ගොඩ එන්නේ නැහැ. අන්තිමේ ඔහෙලා කුට්ටියක් ගසාකාලා යයි. අපිනෙ ගෙවන්න ඕන.
මෙම හොරු නිසා රටට ඇතිවුණු විනාශය කියා නිමකළ නොහැකි ය. ඔබතුමාවත් අර අනුරකූමාරගෙ ෆයිල් ටිකක් අරගෙන නඩු ටිකක් පවරන්න.