
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මෑණියන් හීරාබෙන්, අද (30) අලුයම 3.30 ට අභාවප්‍රාප්ත වූ බව ඇය ප්‍රතිකාර ලබමින් සිටි අහ්මදබාද් රෝහල නිවේදනය කළේය.
නවදිල්ලියේ රාජකාරිවල නියැලෙමින් සිටි, අග්‍රාමාත්‍ය මෝදි කඩිනමින් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අහ්මදාබාද් බලා පිටත්ව ගිය බවත් රාජකාරි කටයුතු වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදු කරන බවත් පැවැසෙයි.
99 හැවිරිදි හීරාබෙන්, පසුගිය දා රෝහල්ගත කෙරුණේ වයසත් සමඟ ඇතිවුණු රෝගාබාධ හේතුවෙනි.
වෛද්‍යවරුන් එම අවස්ථාවේදී කියා සිටියේ ඇය වෙනුවෙන් කළ හැකි සියලු දේ සිදු කරන බවය.
මෑණියන්ගේ අභාවය වෙනුවෙන් අග්‍රාමාත්‍ය මෝදි සිය ටිව්ටර් ගිණුම හරහා සොව පළ කර ඇත.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ නැව ගිලුනත් බැන්චුන් ලොක්ක රනිල්ට තවත් ලෝකේ වටේ රවුමක් යන්න අවස්ථාවක් ඇවිල්ල ( ඇවිත් කතාවක් පවත්වන්න දුන්නොත් නම් අනිවාර්යයෙන් ම යයි )
අපේ අවමංගල්‍ය අධ්‍යක්ෂක අටවන පිනාට ආයෙමත් රවුමක් යන්න වෙයි වගේ