අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ
රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශ සේවකයන් පඩි වැඩිවීමක් ඉල්ලන්නේ ට්‍රිප් යන්න නොවේ යැයි පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"ඔබලාගේ දේශපාලන න්‍යාය පත්‍රය ඇතුලේ ඉලක්කම් පෙන්වා සතුටු කරගන්න පුළුවන්.රටේ ග්‍රාමීය ආර්ථිකයක් නැතිනම් ජාතික ආර්ථිකය සංවර්ධනය කරන්න බැහැ.රජයේ සේවකයෝ, පෞද්ගලික අංශය පඩි වැඩි කිරීමක් ඉල්ලන්නේ ට්‍රිප් යන්න කියලා ආණ්ඩුව හිතාගෙන ඇති.ඔවුන්ට තුන්වේල කන්න විදියක් නෑ. ඔවුන් සල්ලි ඉල්ලන්නේ බඩගින්නට.ගොවියා ධීවරයා ආරක්ෂා කරන්න අද ආණ්ඩුව අපොහොසත් වෙලා.
කුඹුරු වගාවෙන් ඉවත් වන්නැයි ඉතිහාසයේ පළමු වතාවට කෘෂිකර්ම ඇමතිවරයා කියනවා.වී වගාව තුනෙන් එකක් ඉවත් කරනවලු.ඒ කියන්නේ පිටින් ගෙනත් කන්න දෙන න්‍යාය පත්‍රය.මේ අතරේ ඉන්දියාවේ එල්නිනෝ නිසා ලංකාවේ එළවළු මිල වැඩිවෙලා යැයි පාරිභෝගික ඇමතිවරයා කියනවා.දැන් ඉතින් වෙන රටකට පායන තුරු වහිනතුරු අපට කන්න බලාගෙන ඉන්න සිද්ධ වෙලා.ඒ තරමටම අද මේ රටේ ග්‍රාමීය ආර්ථිකය කඩා වට්ටලා" යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd