(අංජුල මහික වීරරත්න)
නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පාන්තික නිවාස ඩොලර් වලට අලෙවි කර මේ වනවිට ඇමරිකා ඩොලර් ලක්ෂ පහකට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි නාගරික සංවර්ධන අධිකාරිය කියයි.
ඒ අනුව උපයාගෙන ඇති මුදල ඩොලර් 502,170.93 කි. එය මෙරට මුදලින් රුපියල් මිලියන 181.2 කි. මේ වසරේ ඩොලර් වලින් නිවාස අලෙවි කොට ලබා ගැනීමට අපේක්ෂා කළ ආදායම ඩොලර් ලක්ෂ 05 කි. වසර අවසන් වීමටත් පෙර එම ඉලක්කය ඉක්මවා යාමට හැකි වූ බව නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
මෙරට තිබෙන ඩොලර් අර්බුදයට විසදුමක් ලෙස නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකර ඇති මධ්‍යම පාන්තික නිවාස විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට අලෙවි කිරීමට පියවර ගැණුනේ විෂය බාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදියි. ඒ අනුව ඊට අදාල පළමු නිවස පසුගිය සැප්තැම්බර් මාසයේදී අළෙවි විය. එය මිලදී ගත්තේ ඩුබායි රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තොපි රට රටවල් වල ඔය සල්ලිවලින් රවුම් ගහයි.
අනේ පව් රටකට ගිය කලක්. මැටි මෝල් දේශපාලුවෝ රටකට කරපු දෙයක්.
විදෙස් එවුන්ට දිදී ඩොලර් ගනංකරන්න ඉස්සෙල්ල ඉස්සල්ල නවත්තල තියෙන මධ්යම පාන්තික ව්යාපෘති ටික සාදා නිමකරව් නැත්තන් ගෙවා ඇති ලක්ශ දහයේ අත්තිකාරම් මුදල නැවත ආපහු ගෙවව්!
දැන් ඔය ඩොලර් ලක්ශ පහෙන් කියක් එක එක ව්යාපෘති කියල සාක්කුවලට දාගෙනද මෙ වෙනකොට? කියන්නෙ නම් අරකෙන් මෙච්චරයි මෙකෙන් අච්චරයි කියල හරියට කිරියෙන් පැනියෙන් උතුරන්න අරන් වගෙ. . ඊට පස්සෙ අපේ බෙල්ල මිරික මිරික බදු ගහනවා.. මෙව අහල රැවටෙන වහල්ලු තවම් ඉන්නවනෙ. .
ඩොලර් කීයක් ඉතුරු වුණාද දන්නේ නෑ ඔය සල්ලි වලින්.