(අංජුල මහික වීරරත්න)
නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පාන්තික නිවාස ඩොලර් වලට අලෙවි කර මේ වනවිට ඇමරිකා ඩොලර් ලක්ෂ පහකට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි නාගරික සංවර්ධන අධිකාරිය කියයි.
ඒ අනුව උපයාගෙන ඇති මුදල ඩොලර් 502,170.93 කි. එය මෙරට මුදලින් රුපියල් මිලියන 181.2 කි. මේ වසරේ ඩොලර් වලින් නිවාස අලෙවි කොට ලබා ගැනීමට අපේක්ෂා කළ ආදායම ඩොලර් ලක්ෂ 05 කි. වසර අවසන් වීමටත් පෙර එම ඉලක්කය ඉක්මවා යාමට හැකි වූ බව නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
මෙරට තිබෙන ඩොලර් අර්බුදයට විසදුමක් ලෙස නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකර ඇති මධ්‍යම පාන්තික නිවාස විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට අලෙවි කිරීමට පියවර ගැණුනේ විෂය බාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදියි. ඒ අනුව ඊට අදාල පළමු නිවස පසුගිය සැප්තැම්බර් මාසයේදී අළෙවි විය. එය මිලදී ගත්තේ ඩුබායි රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයෙකි.
2025 දෙසැම්බර් මස 18
153
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෙරට ගෙවල් විකුණා ඩොලර් ලක්ෂ පහක් සොයයි
දාස Friday, 30 December 2022 05:01 AM
තොපි රට රටවල් වල ඔය සල්ලිවලින් රවුම් ගහයි.
ranjith Friday, 30 December 2022 07:32 AM
අනේ පව් රටකට ගිය කලක්. මැටි මෝල් දේශපාලුවෝ රටකට කරපු දෙයක්.
PereraFriday, 30 December 2022 02:32 PM
මොන වගේ අයද ඒ අයට ඡන්දෙ දුන්නේ...?
Topis Friday, 30 December 2022 08:23 AM
විදෙස් එවුන්ට දිදී ඩොලර් ගනංකරන්න ඉස්සෙල්ල ඉස්සල්ල නවත්තල තියෙන මධ්යම පාන්තික ව්යාපෘති ටික සාදා නිමකරව් නැත්තන් ගෙවා ඇති ලක්ශ දහයේ අත්තිකාරම් මුදල නැවත ආපහු ගෙවව්!
sharm warn Friday, 30 December 2022 09:44 AM
දැන් ඔය ඩොලර් ලක්ශ පහෙන් කියක් එක එක ව්යාපෘති කියල සාක්කුවලට දාගෙනද මෙ වෙනකොට? කියන්නෙ නම් අරකෙන් මෙච්චරයි මෙකෙන් අච්චරයි කියල හරියට කිරියෙන් පැනියෙන් උතුරන්න අරන් වගෙ. . ඊට පස්සෙ අපේ බෙල්ල මිරික මිරික බදු ගහනවා.. මෙව අහල රැවටෙන වහල්ලු තවම් ඉන්නවනෙ. .
Nimal Friday, 30 December 2022 01:35 PM
ඩොලර් කීයක් ඉතුරු වුණාද දන්නේ නෑ ඔය සල්ලි වලින්.