(සුජිත් හේවාජුලිගේ)

ආහාර  දෙපාර්තමේන්තුවේ ගබඩාවල සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක සංචිතයක්  පවත්වාගෙන යෑමට රුපියල් කෝටි 20 ක ප්‍රතිපාදන පසුගිය වසරේදී  ලබාදී තිබුණද එලෙස සංචිතයක් පවත්වාගෙන නොගොස්  එම මුදල් ආපසු හරවා යවා ඇතැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මෙය රටේ ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් බරපතළ කාරණයක් බව එම වාර්තාවේ දැක්වේ.

මේ ආකාරයට ආරක්ෂිත සහල් සංචිතයක්  පසුගිය වසරේ ඔක්තෝබර් මාසය දක්වාම පවත්වාගෙන ගොස් නැති බවත් සංචිතයක් පවත්වාගෙන යෑමට ලබාදුන් මුදල් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවට පසු කාලීනව  මාරු කර යවා තිබූ බවත් විගණන කාර්යාලය පවසයි.