
(යොහාන් භාසුර)
වාහන රියදුරු බලපත්ර අකුසලතා ලකුණු ලබාදීමේ ක්රමවේදය ලබන වසරේ (2023) මාර්තු මස 31 වැනි දිනට පෙර ආරම්භ කරන බවත් ඒ අනුව රියදුරෙකුට අකුසලතා ලකුණු 24 ක් එකතු වූ විට ඔහුගේ රියදුරු බලපත්රය වහාම අවලංගු කිරීමට කටයුතු කරන බවත් මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා අද (30) පැවසීය.
එහෙම අවලංගු කිරිමෙන් පසුව වසරක කාලයක් යනතුරු අදාල රියදුරාට බලපත්රයට අයදුම්කළ නොහැකි බවත් වසරකින් පසුව නැවත නව රියදුරු බලපත්රයක් ලබා ගන්නා ආකාරයට අයදුම්පතක් යොමු කළ යුතු බවත් වීරසිංහ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස් රියදුරන් තොගයක් ඉවත් කරන්න වෙයි. එතකොට මන්ත්රී පුත්තුන්ටත් මේක වලංගුද?
මළකෙළියයි....! ප්රයිවෙට් බස් එකක්වත් නැතිවෙයි...
රථවාහන පොලිසියේ අයට වඩා හොඳට පගා ගහන්න අවස්ථාවක් ලබාදීලා...
නීතිය හරියට ක්රියාත්මක නොවන පාලනයක් ඇති රටක මොනතරම් නීති ගෙනාවත් ඒවා ක්රියාත්මක වෙන්නේ අනිසි ඉපැයීම් වලට ඉඩකඩ විවෘත වෙන අවස්ථාවන් වලට....
හරි ඕක කරනකොට කියන්න... ඉදිරියෙන් වාහනයක් එනවා පෙනි පෙනී, ලයිට් හෝන් ගහලා අයින් වෙයන් කියාගෙන එන බස්, ලොරි කන්ටේනර් රියැදුරන්ට මොකද වෙන්නේ කියලා බලමු. මාසයක් යද්දි අලුත් රියදුරන් ගන්න වෙනවා. ඊට පස්සෙ බයික් ටුක් බහුතරයක්.. නමුත් නීතියක් ක්රියාත්මක නොවන රටක, මේ ලකුණුත් පොඩි මිනිස්සුන්ට එකතු වේවි... ඇමැතිලා, ලොකු මිනිස්සු, එතකොට කාට හරි සම්බන්ධයක් තියෙන අය කිසිම අවුලක් නැතිව යාවි. පොලිසියටත් ගාණක් කඩාගන්න හොඳ ක්රමයක් වේවි. හරියට කෙරෙනවා නම් හොඳයි... වෙන්නෙ නැති වේවි ඒ විදියට...
ඉතා හොඳයි. රටක් ජනතාව හික්මීමක් නැත්නම් දැඩි නීති දමා හෝ මාර්ග විනය ආරක්ෂා කළ යුතුය. වැදගත්ම දේ නම් රටේ සියලු ජනතාව එක හා සමානව රටේ නීතියට අවනත විය යුතුය