
(අංජුල මහික වීරරත්න)
කැලණි මිටියාවත ජනතාවගේ ප්‍රධාන සංස්කෘතික මංගල්‍ය වූ රන්වල දේව පෙරහර ආරම්භ කරමින් මංගල හස්තියා මත සධාතුක කරඬුව තැන්පත් කිරීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් අද (29) සිදු කෙරිණි.
අග්‍රාමාත්‍යවරයා මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කළේය.
කනම්පැල්ල ශ්‍රී සුමනාරාම විහාරාධිකාරී කනම්පැල්ල සුමනානන්ද නාහිමි ද පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන,සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත රෝහණ මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
අලි ඇතුන් හා නර්තන කණ්ඩායම් රැසකින් සමන්විත පෙරහර රංවල දේවාලයේ සිට කොස්ගම නගරය දක්වා වීදි සංචාරය කෙරිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කළත් කමක් නැහැ... හැබැයි අලියාට හිරිහැර නොකරන්න වගබලාගන්න. මෙතන අබෞද්ධ දේව ඇදහිල්ලක් සිදුවුණත් සත්ත්ව හිංසාව ලෝක සදාචාරයට හා මානව ශිෂ්ඨසම්පන්න බවට පටහැනියි...
රට බංකොළොත් කරපු පාපයට දෙවියන් දඬුවම් දේවි...
කැළණි මිටියාවතට රංවල දෙවි සරණයි, සැබෑ ජනතා නියෝජිතයන් සහභාගී වී තිබීම සතුටකි.
පාර්ලිමේන්තුවෙන් බොරු බේගල් ගිරියා පුප්පගෙන කෑගහනවා. අද ඩොලරයට සාපේක්ෂව අන්තයට බාල්දු වුණා මුදල් ඒකකය ලෙස රුපියල 4 වැනි තැන. තව ටික කාලෙකින් පළවෙනි තැන ලැබේවි.
රංවල දෙයියො වදින්න නෙවේ රංවල දෙයියෝ වගේ වෙන්න බලන්න.
මෙ වගෙ පින්වත් වැඩ වලට රටටම එපා උන පව්කරයන්ව ගන්නෙ ඇයි?
දේශපාලනය පාරම්පරික බූදලයක් වෙලා. පාර්ලිමේන්තුවේ බෙරිහන්දෙන අගමැති පුතත් මන්ත්‍රී. ත්‍රී රෝද රථ පක්ෂයකට රට නටවන්න දෙන මෝඩ ජනයාට කාගේ සරණක්ද?