IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගොවියන් අතට ඩොලර් ගේන වැඩක් අරඹයි

(අංජුල මහික වීරරත්න)

මෙරට කෘෂි නිෂ්පාදන අපනයනකරුවන් දිරි ගැන්වීමේ වැඩ සටහනක් 2023 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය කරන ව්‍යවසායකයින් පිරිසක් සමග කොළඹ 07 හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ පැවැති සාකච්ඡාවකදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසූයේ අපනයනය ඉලක්ක කර ගත් කෘෂිකාර්මික ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා රජය උපරිම පහසුකම් සැපයීමට තීරණය කර ඇති බවයි.

අපනයන කෘෂිකාර්මික අංශයේ ප්‍රවර්ධනය සඳහා 2023 අයවැයෙන් සැලකිය යුතු  මුදලක් ලබා දී තිබෙන බවද  තල, මුං ඇට, සෝයා බෝංචි වැනි ධාන්‍ය වර්ගවලට මෙන්ම එළවළු හා පලතුරුවලට ජාත්‍යන්තර වෙළෙඳ පොලේ  පවතින ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට සැලසුම් සකස් කරන බවද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි නවීකරණ ව්‍යාපෘතිය මගින් මෙි වන විටත් ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් 12,500ක් බැගින් සති පතා ඩුබායිවලට අපනයනය කරන බවද අමාත්‍යවරයා පැවසීය.



අදහස් (2)

ගොවියන් අතට ඩොලර් ගේන වැඩක් අරඹයි

sharm warn Friday, 30 December 2022 12:53 PM

මේක මහලොකු වැඩක් නෙවෙයි, කාලකණ්ණි දේශපාලකයින් මැද්දට පැනලා කප්පම්, කොමිස් ගැහිල්ල නතර කරනවා නම්... මීට වඩා ගොඩක් ව්‍යාපෘති මිනිස්සුන්ට කරන්න පුළුවන්... මේ අය කියන කල් ඉන්න ඕනෑ නේද? දැන් එනවා මම පොර ජාතකේ කියන්න...

:       3       9

දාස Friday, 30 December 2022 02:46 PM

ගොවියාගේ අතට කෙසේවෙතත් හොර ඇමති ළඟට නම් ඩොලර් ටික අනිවාර්යෙන් යයි...

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 153 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site