(අංජුල මහික වීරරත්න)
මෙරට කෘෂි නිෂ්පාදන අපනයනකරුවන් දිරි ගැන්වීමේ වැඩ සටහනක් 2023 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය කරන ව්‍යවසායකයින් පිරිසක් සමග කොළඹ 07 හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ පැවැති සාකච්ඡාවකදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසූයේ අපනයනය ඉලක්ක කර ගත් කෘෂිකාර්මික ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා රජය උපරිම පහසුකම් සැපයීමට තීරණය කර ඇති බවයි.
අපනයන කෘෂිකාර්මික අංශයේ ප්‍රවර්ධනය සඳහා 2023 අයවැයෙන් සැලකිය යුතු මුදලක් ලබා දී තිබෙන බවද තල, මුං ඇට, සෝයා බෝංචි වැනි ධාන්‍ය වර්ගවලට මෙන්ම එළවළු හා පලතුරුවලට ජාත්‍යන්තර වෙළෙඳ පොලේ පවතින ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට සැලසුම් සකස් කරන බවද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි නවීකරණ ව්‍යාපෘතිය මගින් මෙි වන විටත් ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් 12,500ක් බැගින් සති පතා ඩුබායිවලට අපනයනය කරන බවද අමාත්‍යවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මහලොකු වැඩක් නෙවෙයි, කාලකණ්ණි දේශපාලකයින් මැද්දට පැනලා කප්පම්, කොමිස් ගැහිල්ල නතර කරනවා නම්... මීට වඩා ගොඩක් ව්‍යාපෘති මිනිස්සුන්ට කරන්න පුළුවන්... මේ අය කියන කල් ඉන්න ඕනෑ නේද? දැන් එනවා මම පොර ජාතකේ කියන්න...
ගොවියාගේ අතට කෙසේවෙතත් හොර ඇමති ළඟට නම් ඩොලර් ටික අනිවාර්යෙන් යයි...