
(යොහාන් භාසුර)
වාහන ලියාපදිංචි කිරීම සඳහා මෙතෙක් භාවිතා කළ කඩදාසි කොළ 12 කින් යුත් සංකීර්ණ ලියාපදිංචි කිරීමේ ආකෘති පත්‍රය කඩදාස කොළ 6 ක් දක්වා අඩු කළ බවත් එම නව ලියාපදිංචි කිරීමේ ආකෘති පත්‍රය ලබන ජනවාරි 1 වෙනිදා සිට භාවිතා කරන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා අද (30) පැවසීය.
එම ලිපි ගොනුවේ සංකීර්ණ බව පිළිබඳව ලැබී තිබූ පැමිණිලි සැලකිල්ලට ගනිමින් ජනතාවට පහසුවෙන් භාවිතා කළ හැකි ආකාරයට සහ කඩදාසි සම්බන්ධය රට මුහුණ දී සිටින ගැටළුව පිළිබඳ අවධානය යොමු කරමින් මෙම වෙනස කළ බවත් ශාන්ත වීරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාහන ලියාපදිංචි කිරීම ආකෘති පත්‍රය කඩදාසි කොළ 6ක් දක්වා නොව 2ක් දක්වා අඩුකිරීමට හැකියාව පවතියි.
ඕකට ඔච්චර දෙයක් අවශ්‍ය නැහැ... සිංහලෙන් ලියන අයට සිංහලෙනුත්, දෙමළ අයට දෙමළෙනුත් ලියන්න පහසුකම් සැලසුවා නම් තවත් කෙටි කරන්න තිබුණා... එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම ලොක්කන්ගේ ජාතික භාෂාවෙන් ලියන්න පහසුකම් සලස්වනවා එයටත් වඩා අපිත් තාක්ෂණය සමග පෙරට ගොස් පරිගණක ඇප් එකක් හරහා කරන්න සැලසුවොත් තවත් පහසුයි...