(දයාසීලි ලියනගේ)
ජාතික රක්ෂණ භාර අරමුදල වාරික ගෙවීම් මින් ඉදිරියට සෘජුවම අරමුදල වෙත එවන ලෙසට රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව මගින් සියලුම ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇත.
මෙතෙක් කලක් මෙම වාරික මුදල් චෙක්පත් මගින් තැපැල් මාර්ගයෙන් අරමුදල වෙත එවීමේදී අනවශ්‍ය ප්‍රමාද වීම්වලට ලක්වන නිසා එම මුදල් සෘජුවම අරමුදල වෙත එවිය යුතු බවට රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.
අග්‍රහාර හිමිකම් අයදුම්පතවලට මුදල් ප්‍රතිපුර්ණය කිරීමේදී ඇතිවන අනවශ්‍ය ප්‍රමාදවීම් මෙම වැඩපිළිවෙල යටතේ මගහරවා ගැනීමට හැකිවනු ඇතැයිද රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
ජාතික රක්ෂණ භාර අරමුදලට වාරික ගෙවීම සඳහා විශේෂ මෘදුකාංගයක් හඳුන්වා දී ඇති බව රජු ගිණුම් අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. ඒ. සමන්ත මහතා සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමන්ත මහත්තයෝ ඔබ කියන ආකාරයට මුදල් යැව්වොත් දහස් ගනනක් පිරිසකට චෙක්පත් ලියන්න අත්සන් දෙකක් යොදන්න අනවශ්‍ය වෙනවා. කරන්න වැඩක් නැතුව ගියාම පිංපඩි ගන්නවා කියලා හිතෙනවා. හිතටත් හරිනැහැ. ඔන්න ඔහේ වැඩ වවාගෙන අතිකාල දීමනා අරගෙන ඉන්න කියලා මෙතෙක් කලක් කලා වගේ කරන්න දෙන්න පිං සිද්ධවෙනවා.