(දයාසීලි ලියනගේ)
ඌව පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයා පාවිච්චි කළ නිවසේ පවත්වාගෙන යන ආණ්ඩුකාර කාර්යමණ්ඩලයේ කාර්යාලයේ මාසික විදුලි හා ජල බිල්පත් වල වටිනාකම රුපියල් 314 761කි.
මෙම මුදල් ආණ්ඩුකාරවරයා විසින් ගෙවිය යුතු වුවත් එය ගෙවා ඇත්තේ පළාත් සභා අරමුදලින් බව විගණන පරීක්ෂණයකින් අනාවරණය වී ඇත.
ප්‍රධානම අමාත්‍යවරයාට වෙන්කර ඇති නිවස ආණ්ඩුකාරවරයාගේ කාර්ය මණ්ඩලය වෙත භාර දීමේ දී අවම වශයෙන් විධිමත් පරිදි ලිඛිත පැවරීමක් සිදු කර නොතිබුණු අතර අදාළ නිවසෙහි ඉන්වෙන්ට්‍රි භාණ්ඩ ලැයිස්තු ගත කර ඒවා විධිමත් පරිදි භාරදීමක් සිදුකර නොතිබුන බවද මෙම විගණන පරීක්ෂණයේදී අනාවරණය වී ඇත.
ඒ අනුව මෙම නිල නිවසෙහි ඉන්වෙන්ට්‍රි භාණ්ඩ නැතිවීම හෝ අලාභ හානි වීම සම්බන්ධයෙන් පළාත් සභාවට කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකි වී ඇතැයි ද එම විගණන වාර්තාවේ සඳහන් වෙයි.
මෙම නිවසේ විදුලි බිල්පත් වශයෙන් 2021 සිට 2022 ඔක්තෝබර් දක්වා රුපියල් 1 875 000ක් ද මේ කාලයේ ජල බිල්පත් වෙනුවෙන් රුපියල් 127 258ක් ද ගෙවා ඇත.
පළාත් සභා අරමුදලින් මෙම බිල්පත් ගෙවීම නීත්‍යානුකූල නොවන නිසා අදාළ කාර්ය මණ්ඩලයෙන් නිලධාරීන්ගේ මාසික වැටුපෙන් එම මුදල් කඩිනමින් අයකරගත යුතු බවද විගණන වාර්තාව නිර්දේශ කර ඇත.
2025 දෙසැම්බර් මස 18
153
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආණ්ඩුකාර කාර්යාලයේ බිල් පළාත් සභාවෙන් ගෙවලා
චින්තක Friday, 30 December 2022 08:02 PM
පළාත් සභා තරම් නාස්ති සිදුවන වෙනත් කිසිම තැනක් නැහැ වෙලාවක අමාත්‍යාංශ මාරු කරනවා වෙලාවක ඇමතිවරයා තමන්ට ලාභ ලැබෙන ක්‍රමයට විෂයයන් මාරු කරනවා.එහෙම වෙද්දී සුරක්ෂිත කලයුතු ලිපිගොනු අස්ථාන ගතවෙනවා ඒ ගැන ලියා අවසන් කරන්න බැහැ.