
ලොව විශිෂ්ඨතම බ්‍රසීල පා පන්දු සුපිරි තරුව පේලේ, දිවි ගමන නිමා කළේය. මියයනවිට ඔහු 82 හැවිරිදි වියෙහි පසුවිය.
බ්‍රසීලයට තෙවරක් පා පන්දු ලෝක කුසලානය අත්කර දීමට පේලේය. එපමණක් නොව පා පන්දු ලෝක කුසලානය තෙවරක් දිනා ගැනීමට සමත් වූ ක්‍රීඩකයා වන්නේ ද පේලේය.
පසුගිය දිනකීපය පුරා පේලේ රෝහල්ගතව සිටියේය. පේලේ ඇතුළත් කර සිටියේ සාඕ පාවුලෝ නුවර ඇල්බට් අයින්ස්ටයින් රෝහලටය.
පේලේ උදර පිළිකාවකින් පීඩා විඳි අයෙකි. පසුගිය දිනවල වෛද්‍යවරුන් දිගින් දිගටම කියා සිටියේ පේලේගේ තත්ත්වය බරපතල බවත් ඔහුගේ වකගඩු අක්‍රිය වී අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවය.
අවසන් දින කීපයේ පේලේගේ පවුලේ සාමාජිකයන් රෝහලට පැමිණ පේලේ අසල සිටි බව බ්‍රසීල මාධ්‍ය වාර්තා කර තිබුණි.
පේලේ ස්වසන අපහසුතාවක් හේතුවෙන් රෝහල් ගත කෙරුණේ පසුගිය නොවැම්බර් 29 වැනිදා, මෙවර 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන අතරතුරේය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාපන්දු ඉතිහාසයේ නොමැකෙන නාමයක්. අති විශිෂ්ටයෙක්. සුබ ගමන් ඔබට.
සුබ ගමන් ප්ලේ .... ඔබ සදා අමරනීයයි...
ඔබගෙ ක්‍රීඩා විලාශයෙන් ළෝකයේ පාපන්දු ලෝලීන් මහත් අමන්දානන්දයට පත්කල ඔබ සැබම වීරයෙක් සහ පුරාවෘතයක්. ඔබට සුබ ගමන්. ප්ලේ
නිවන් සුව ලැබේවා පේලේ..!
තවත් වීරයෙකුගේ ගමනේ නිමාව.. ඔබට සුබ ගමන්..!