
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
හෝටලයකට යන මාර්ගය ගැන කිව්වේ නැතැයි කියමින් සහකාර පොලිස් අධිකාරීවරයකුට පහර දුන් බව කියන තරුණයෝ දෙදෙනෙක් ගල්කිස්ස මූලස්ථාන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
පහරකෑමට ලක්ව තුවාල ලැබූ සහකාර පොලිස් අධිකාරීවරයා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
රාජකාරි කටයුතුවලින් බැහැරව සිටි සහකාර පොලිස් අධිකාරිවරයා ඔහුගේ මිතුරෙකු හමු වී රාත්‍රී ආහාරය ගෙන බස් රථයකට ගොඩ වීමට ගාලුපාරට පැමිණීමට ද සේරම පාර ඔස්සේ පා ගමනින් පැමිණෙමින් සිටි අතරවාරයේ කාර් රථයකින් පැමිණි තරුණයන් දෙදෙනකු හෝටලයක නමක් කියා එම හෝටලයට යන පාර විමසා ඇතැයි පොලිසිය සඳහන් කරයි.
නාදුනන පුද්ගලයන් දෙදෙනකු වීම නිසා සහකාර පොලිස් අධිකාරීවරයා ඔවුනට පිළිතුරු දීමට නොගොස් ඉදිරියට ගමන් කරමින් සිටි අතරවාරයේ කාර් රථයෙන් බැස ආ තරුණයන් දෙදෙනා සහකාර පොලිස් අධිකාරීවරයාට පහර දී ඇතැයි ද එම උසස් පොලිස් නිලධාරියා කීය.
සහකාර පොලිස් අධිකාරිවරයා සතුව තිබූරාජකාරි ගමන් කථනය ද අස්ථානගත වී ඇති අතර පසුව එහි බැටරිය සහ ඇන්ටෙනාව පොලිසිය සොයා ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අවුරුදු 20 සහ 25 අතර වයසේ පසුවන බොරලැස්ස සහ අත්තිඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති
ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරක් අහලා, පාර නොකිව්වට කාටවත් ගැහුවා කියන එක නම් විශ්වාස කරන්න අමාරුයි. පොලිස් ඌශ්නෙ ගහලා, මොනවා හරි නරක දෙයක් කියන්න ඇති.
මේවගේ කාලකන්නින්ටද රටේම බල දෙන්න හදන්නේ? මේ කාලකන්නි රටට කරපු හදිය අපි 1971,1989,2022 දැක්කා.
මේ ගොල්ලන්ට කලුබෝවිල හෝ කොළඹ මහ රෝහලේ විකලාංග වාට්ටුවේ පිහිට තමා.
"සහකාර පොලිස් අධිකාරී වරයෙකු බසයක් ගැනීම සඳහා පා ගමනින්"
මේකනම් විශ්වාස කරන්න අමාරු කේස් එකක්. සාමාන්‍යයෙන් වෙන්නේ මේකේ අනිත්පැත්ත.ඒ.එස්.පී. ට උන හැදිලද ඒ වෙලාවේ ඉඳලා තියෙන්නේ. අනික අපි පාර කියන්නේ අඳුරන කට්ටියට විතරද. පාරක් අහපුවම කියන්න බැරි ඇයි. ඒ.එස්.පී.කෙනෙක් වෙලත් පාර නොකීම වැරදියි.
මෙ ASP ගෙ තර්කයට අනුව හැමෝ ම වැඩ කලොත්, වෙන පලාතකින් එන මනුස්සයෙකුට පාරක් ගැන අහගන්න ලැබෙන්නෙ නැහැ. තමුන්ට විශ්වස නතිනම්, වහනයට ලං නොවි පාර කියන්න තිබුන. අදටත් අපෙ රරටට එන විදේශිකයො අපෙ මිනිස්සුන්ගෙ මනුස්සකම් ගන සදහන් කරන්ව. එ ඉංග්‍රීසි බැරි උනත් අහපු දේ තෙරුනා නම් හස්ත මුද්‍රාවෙන් හරි පාර කියනව. මෙයා පොලිස් නිලදාරියෙක් විදියට පාර නොකියපු එක වැරදි වගෙම මෙයාට ගහපු එකත් වැරදි.
මෙතන තියෙන්නේ කතන්දරේ ASP කියන කතාව විතරයි...