
මියන්මාරයේ හිටපු නායිකා අවුන් සාන් සුකීට එරට හමුදා අධිකරණය තවත් වසර 7 ක සිර දඬුවමක් නියම කර ඇත.
ඒ අනුව විවිධ අපරාධ 19 කට අවුන් සාන් සුකී වරදකාරිය බව තීරණය කරමින් එරට හමුදා අධිකරණය සම්පූර්ණ වසර 33 ක සිර දඬුවමක් ඇයට ලබා දී තිබේ.
මාස 18 ක කාලයක් අපරාධ චෝදනා 19 ක් සම්බන්ධයෙන් එරට හමුදා අධිකරණයේ නඩු විභාගය පැවැත්වුන අතර අවසන් අපරාධ චෝදනා 5 සඳහා සුකී වරදකාරිය කරමින් මෙසේ වසර 7 ක සිර දඬුවමක් නියම කර ඇත.
මීට පෙර අපරාධ චෝදනා 14ක් සඳහා සුකී වරදකාරිය කරමින් හමුදා අධිකරණය වසර 26 ක සිර දඬුවමක් ලබා දී තිබුණි.
නඩු විභාගය ජනතාවට සහ මාධ්‍ය වෙත විවෘත නොවූ අතර නීතිඥයන්ට නඩු විභාගය පිළිබඳ අදහස් දැක්වීමද හමුදා අධිකරණය තහනම් කරන ලදි.කෙසේ වෙතත් තමන්ට එල්ල වූ අපරාධ චෝදනා සියල්ලටම නිවැරදිකාරිය බව අවුන් සාන් සුකී පවසා ඇත.
034

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව සුකීලා දහසක් නැගිටලා එයි....
මෙයා මුරුංගා අත්තේ තියලා ඇමරිකාව පොලිටිකල් ගේම් ගැහුවා... කෙළවුනාට පස්සේ මෙයාට ඇමරිකාවත් නෑ බේරගන්න එවුන් එන්නෙත් නෑ... වියට්නාමයේ ඩීන්ඩියම් හැදුවේත් ඇමෙරිකාව මරවන්න වැඩ කෙරුවේත් ඇමරිකාව.. බින් ලාඩන් හැදුවේත් ඇමරිකාව.. මැරුවේත් ඇමරිකාව. සෙලෙන්ස්කිටත් වෙන්නේ ඔයටිකම තමයි. ලංකාවේ ඇමරිකන් ගැත්තන්ටත් එච්චරයි...!
අපේ රටෙත් හොර පවුල් නඩ ටික ජීවිතාන්තය දක්වා හිරේ යැව්වේ නැතිනම් රට කාටවත් කරන්න දෙන එකක් නෑ...