(යොහාන් භාසුර)
අධ්‍යාපන කටයුතු සඳහා තරුණ තරුණියන් විදේශ ගතකරන මුවාවෙන් පෝලන්තයේ හා තුර්කියේ රැකියා ලබාදෙන බව පවසා ලක්ෂ ගණනින් මුදල් වංචාකළ අඹු සැමි යුවළක් අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
තිඹිරිගස්යාය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙම ව්‍යාජ රැකියා නියෝජිතායතනය පෝලන්තයේ සහ තුර්කියේ රැකියා ලබාදෙන බව පවසා එක් පුද්ගලයෙකුගෙන් රුපියල් 555,000 ක බැගින් මුදල් ලබාගෙන ඇති බවත් මේ පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට පැමිණිලි 11 ක් ලැබුණු බවත් එම කාර්යංශය කියයි.
වැටලීම සිදුකරන අවස්ථාවේදී එම ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්‍ර 11 ක්, රිසිට් පොත් 4 ක් සහ ප්‍රචාරක අත්පත්‍රිකා 50 ක් ඇතුළු ලිපි ලේඛන රැසක් විමර්ශන නිලධාරීන් භාරයට ගත් බව කී එම කාර්යංශය අත්අඩංගුවට ගත් සැකකාර අඹු සැමි යුවළ අළුත්කඩේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි මස 5 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව ද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
153
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
953
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෝලන්ත-තුර්කි රැකියා මගඩියට යුවළක් මාට්ටු
Hafeel Friday, 30 December 2022 03:29 PM
අර බලලත් එක්ක ලිංගික සල්ලම් දාපු මේතකදී ඉල්ලා අස්වූ ජනාධිපති උපදේශකයාට මෙවැනි චෝදනාව තියනවා. නමුත් ඔහුට තවම නීතිය ක්‍රයාත්මක කරලා නැහැ.