(යොහාන් භාසුර)

අධ්‍යාපන කටයුතු සඳහා තරුණ තරුණියන් විදේශ ගතකරන මුවාවෙන් පෝලන්තයේ හා තුර්කියේ රැකියා ලබාදෙන බව පවසා ලක්ෂ ගණනින් මුදල් වංචාකළ අඹු සැමි යුවළක් අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.  

තිඹිරිගස්යාය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙම ව්‍යාජ රැකියා නියෝජිතායතනය පෝලන්තයේ සහ තුර්කියේ රැකියා ලබාදෙන බව පවසා එක් පුද්ගලයෙකුගෙන් රුපියල් 555,000 ක බැගින් මුදල් ලබාගෙන ඇති බවත් මේ පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට පැමිණිලි 11 ක් ලැබුණු බවත් එම කාර්යංශය කියයි.

වැටලීම සිදුකරන අවස්ථාවේදී එම ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්‍ර 11 ක්, රිසිට් පොත් 4 ක් සහ ප්‍රචාරක අත්පත්‍රිකා 50 ක් ඇතුළු ලිපි ලේඛන රැසක් විමර්ශන නිලධාරීන් භාරයට ගත් බව කී එම කාර්යංශය අත්අඩංගුවට ගත් සැකකාර අඹු සැමි යුවළ අළුත්කඩේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි මස 5 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව ද සඳහන් කළේය.