(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයන් තිදෙනා නම් කිරීමේ කටයුත්ත එකඟතාවයකින් තොරව කල් ගිය බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවැසීය.
ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයන් තිදෙනා නම් කළ යුත්තේ අග්‍රාමාත්‍යවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ එකගතාවයෙනි.
21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්ථාපිත කෙරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සාමාජිකයන් දස දෙනෙකුගෙන් යුක්ත වන අතර එහි සිවිල් නියෝජිතයන් තිදෙනා නම් කළ යුත්තේ අග්‍රාමාත්‍යවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ එකඟතාවයෙනි.
ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට කතානායක මහින්ද යාපා අබෙිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද(29) සාකච්ඡාවක් පැවති නමුත් එය එකඟතාවයකින් තොරව අවසන්වී තිබෙි.
මැතිවරණ කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයන් පත් කළ යුතු වන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා සිවිල් නියෝජිතයන් තිදෙනා පත් කිරීමෙන් අනතුරුවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තවත් අපිව ගොනාට ඇන්දවීමක්, ඔන්න මං කිව්වා. පලාත් සභා චන්දෙට ගේම දෙන්නයි හදන්නේ.