
(යොහාන් භාසුර)
වාහන අංක තහඩුවේ මෙතෙක් පැවති පළාත් හැඟවීමේ ඉංග්‍රීසි අක්ෂර ලබන ජනවාරි මස 1 වෙනිදා සිට ඉවත් කරන බවත් ඒ අනුව ඉදිරියේදී නිකුත් කරන නව අංක තහඩුවල පළාත් ඉංග්‍රීසි අක්ෂරය මුද්‍රණය නොකරන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා අද (30) පෙරවරුවේ පැවසීය.
නව ලියාපදිංචි කිරීමේ සහ දැනට පවතින අංක තහඩු සහිත වාහනවල ලියාපදිංචිය වෙනස් කිරීමේ ගාස්තු ගෙවිය යුතු බවත් වීරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක දාන්නෙත් එයාලා ගලවන්නෙත් එයාලා .හැබැයි මොකක් හරි යටි අරමුණක් නැතුව නම් මේවා කරන්නේ නැහැ .මෙයාලා අත ලෙවකන්න බලන් මී කඩන්නේ නැහැ
Additional expenses for motorists for new number plates
මොකක්ද හේතුව...? මම හිතන්නේ පවතින ක්‍රමය හොඳයි කියලා...
කළොත් කරන්නේ එක්කෝ මෝඩ වැඩක්... නැතිනම් ඕනෑ නැති වැඩක්...
දුර පැතිවල වාහන අඳුනගන්න බැරිවෙන එකෙන් නම් පොලිස් පප්පලා ගානක් කඩා ගන්න බැරිවෙන එක වෙන්නේ...!
හොඳ වැඩක්, නැත්නම් SP නම්බර් ගහපු තහඩුවක් සහිත වාහනයක පොඩි වැරැද්දක් දැක්කත් පළාතටම බනින මිනිස්සුනේ ලංකාවේ ඉන්නේ...!
බන්කොලොත් ආන්ඩුවෙයි තවත් සූක්ශම උප්පරවැට්ටියක් මෙක, කබලෙන් ලිපට වැටිල ඉන්න ජනතාවගෙ සල්ලි සුද්ද කරන්න.
මෝ.ප්‍ර.කො.තුමා මෙම ලිපියේ දෙවැනි ඡේදය ගැන පැහැදිලි කිරීමක් කරන්න ඇත්තටම අලුත් නීතිය අනුව අලුතින් ලියාපදිංචි කලයුතුද. අලුතින් අංක තහඩුව සදහා ගෙවීම් කරන්න ඕනද කොපමණ මුදලක් ගෙවිය යුතුද පැහැදිලි කිරීමක් පුවත්පත් මගින් කරන්න
මේ තීරණය නිවැරදිව ගත යුතුය. අනාගත බලපෑම් සම්බන්ධයෙන් ශාක්‍යතා අධ්‍යයනයක් ප්‍රථමයෙන් සිදුකළ යුතුයි.
එතකොට රටේ ප්‍රශ්න ඉවරයිද?
දැනට තියෙන ක්‍රමය අනුව පවරාගැනීම් නොකර පාවිච්චියට ගන්න වාහන හදුනාගැනීමට හැකියාව තිබුනා මෙනිසා වාහන පැවරීම මත රජයට විශාල මුදලක් අයකර ගැනීමට තිබුන අවස්ථාව අහෝසි වෙනවා.
එක පාරක් ශ්‍රී අකුරක් අල්ලගෙන රට ගිනිතිබ්බා. ඒකට විසඳුමක් විදියට ඉරි කෑල්ලක් දැම්මා. ආයේ පළාත් අංකයක් දැම්මා. මේවා පදනමක් නැති වැඩ. නිලධාරීන්ගෙන් නිලධාරියාට, ඇමතිගෙන් ඇමතිට, රජයෙන් රජයට මේවා වෙනස් කිරීම පදනමක් නෑ. තියන එකේ වැරද්දක් කිව්ව නම්...?
A few years back, my country, France, changed number plates of all new vehicles. My car had " **** EW 41 " in the plate which means "41" is the department, where I live. Now no department number on the plate and it is "CN *** EW". Earlier we could know from which department a car is coming. Now a small sticker is pasted on the number plate and it should stay "rivetted" to the vehicle till it goes to the junkyard ! All vehicles are computerized and police can identify all vehicles at the touch of their PC or tablette. So whats this fuss in SL ????
අනේ මේ අදහස් පල කරපු කිසි කෙනෙකුටවත් තේරිලා නැහැනේ. මේක මේ රටේ සංවර්ධනයට කරන්න තියෙන ඉතාමත් අතවශ්‍ය හදිසි රාජකාරියක් නේ? ඒවගේ වැඩනේ මේ අය කරන තරමක් කරන්නේ මේ දවස් වල. මේකෙන්ම ඇති රට දියුණුවෙලා සංවර්ධනය වෙන්න. හරිම ෂෝක් නේ?
ගසාකන හරක් ලොක්කො උනාම උන් බලන්නේ කීයක් හරි කොමිස් පාරක් ගහන ක්‍රමයක්. ඒකයි මේ අක්ෂර නැතුව නොම්මර තහඩුව අලුතෙන් ගෙවල ගන්න කියන්නේ. මේ වෙලාවේ මිනිස්සුන්ට අඩු කිරීම ඔ්නි.
බංකොළොත් ආණ්ඩුවෙයි, තවත් සූක්ෂම උප්පරවැට්ටියක් මේක..., කබලෙන් ලිපට වැටිලා ඉන්න ජනතාවගේ සල්ලි සුද්ද කරන්න. එහෙනම් ඉතින් අංක තහඩු නිකම් දෙන්න. අපි නම් සල්ලි දීලා ගන්නේ නැහැ...