
(ඉන්දිකා රාමනායක)
රුපියල් ලක්ෂ 9 1/2ට මුදලකට වාලම්පුරියක් අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් දෙදෙනකු කටුනායක හීනටියන ප්‍රදේශයේ අද (30) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව විශේෂ කාර්ය බලකාය පවසයි.
මෙම සැකකරුවන් සන්තකයේ වාලම්පූරියක් අලෙවි කිරීමට ඇති බවට ගුවන් හමුදාව ලබා දුන් බුද්ධි තොරතුරකට අනුව ගුවන් හමුදා සාමාජිකයන් සහ විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ කන්ඩායමක් ගැණුම්කරුවන් වශයෙන් ගොස් මෙම වැටලීම සිදුකර ඇත.
රුපියල් ලක්ෂ 9 1/2 වාලම්පුරිය මිළට ගැනීමට කැමැත්ත පළකල පිරිස එය මිළිදී ගැනීම සදහා සුදානමින් සිටියදී සැකකරුවන් දෙදෙනා පැය 2ට ආසන්න කාලයක් ඔවුන් ස්ථාන කිහිපකට ගෙන්වාගෙන පසුව පස්වරුවේ හීනටියන ප්‍රදේශයට ගෙන්වාගෙන ඇත.
එහිදී නිලධාරීන්ට වාලම්පුරිය අලෙවි කිරීමට තැත්කිරීමේ දී සැකකරැවන් අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාලම්පුරියක් කියන්නේ බෙලිකට්ටක් වමට හැරී කැරකිච්ච අවස්ථාවක්. හැම බෙල්ලාම රක්ෂිත සතෙකු හැටියට සැලකෙන්නේ නැහැ. පන්සලකින් හොරකම් නොකළා නම්, නිධානයකින් නොගත්තා නම්, ඕක විකුණාගෙන ඒ මිනිසුන් සල්ලි ටිකක් හොයාගත්තාම මොකද වෙන්නේ..? විශ්වාසය හරි හෝ වැරැදි හෝ මේ වාලම්පුරි මෙතරම් මුදල් දී ගන්නේ පූජා පවත්වන්න. එය තහනම් භාණ්ඩයක් නොවෙයි නම්, ඒ මිනිසුන් ඒවා විකුණාගෙන යහපත් දිවියක් ගෙවන්නේ නම් එය කොතරම් හොඳද කියලා හොඳදැයි බලන්න...!