
(ඉන්දිකා රාමනායක)
රුපියල් ලක්ෂ 9 1/2ට මුදලකට වාලම්පුරියක් අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් දෙදෙනකු කටුනායක හීනටියන ප්‍රදේශයේ අද (30) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව විශේෂ කාර්ය බලකාය පවසයි.
මෙම සැකකරුවන් සන්තකයේ වාලම්පූරියක් අලෙවි කිරීමට ඇති බවට ගුවන් හමුදාව ලබා දුන් බුද්ධි තොරතුරකට අනුව ගුවන් හමුදා සාමාජිකයන් සහ විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ කන්ඩායමක් ගැණුම්කරුවන් වශයෙන් ගොස් මෙම වැටලීම සිදුකර ඇත.
රුපියල් ලක්ෂ 9 1/2 වාලම්පුරිය මිළට ගැනීමට කැමැත්ත පළකල පිරිස එය මිළිදී ගැනීම සදහා සුදානමින් සිටියදී සැකකරුවන් දෙදෙනා පැය 2ට ආසන්න කාලයක් ඔවුන් ස්ථාන කිහිපකට ගෙන්වාගෙන පසුව පස්වරුවේ හීනටියන ප්‍රදේශයට ගෙන්වාගෙන ඇත.
එහිදී නිලධාරීන්ට වාලම්පුරිය අලෙවි කිරීමට තැත්කිරීමේ දී සැකකරැවන් අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
153
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
953
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක්ෂ 9ක වාලම්පුරියක් විකුණන්න ගිය 2ක් මාට්ටු
සමිත සේනක අලුත්ගමගේ. Friday, 30 December 2022 06:08 PM
වාලම්පුරියක් කියන්නේ බෙලිකට්ටක් වමට හැරී කැරකිච්ච අවස්ථාවක්. හැම බෙල්ලාම රක්ෂිත සතෙකු හැටියට සැලකෙන්නේ නැහැ. පන්සලකින් හොරකම් නොකළා නම්, නිධානයකින් නොගත්තා නම්, ඕක විකුණාගෙන ඒ මිනිසුන් සල්ලි ටිකක් හොයාගත්තාම මොකද වෙන්නේ..? විශ්වාසය හරි හෝ වැරැදි හෝ මේ වාලම්පුරි මෙතරම් මුදල් දී ගන්නේ පූජා පවත්වන්න. එය තහනම් භාණ්ඩයක් නොවෙයි නම්, ඒ මිනිසුන් ඒවා විකුණාගෙන යහපත් දිවියක් ගෙවන්නේ නම් එය කොතරම් හොඳද කියලා හොඳදැයි බලන්න...!