
(සුජිත් හේවාජුලිගේ)
රජයේ සහ පෞද්ගලික ආයතන වල ආපන ශාලා බාගෙට බාගයක් වැසී යාමේ අවදානමක් අවදානමක් පවතින බව සමස්ත ලංකා ආපන ආපනශාලා හිමියන්ගේ සංගමය සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය.
සේවකයන් බහුතරයක් මුදල් නොමැතිකම නිසා ආපනශාලා වලින් ආහාර ගැනීම සියයට 75කින් පමණ අඩුවී ඇති හෙයින් ඒවායේ ආදායම විශාල ලෙස අඩුවී ඇති බව පෙන්වා දෙන සභාපතිවරයා ආපන ශාලා බොහොමයක් මේ හේතුවෙන් පවත්වාගෙන යෑම දුෂ්කර වී ඇතැයිද ප්‍රකාශ කළේය.
මුදල් නොමැතිකම සහ ආහාර මිල ඉහළ යෑම නිසා බොහෝ සේවකයන් නිවසින් පොලුයි බතුයි හෝ රැගෙන ඒමට පුරුදු වී සිටින බව ඔහු පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙ අර්තික තත්වය ඉතාමත් සංකීර්නයි...එ කියන්නෙ...තරු 5 හොටල් වල මිනිස්සු පිරිල,..එ වගෙම හුන්ගක් නගර වල චයිනිස් රෙස්ටුරන්ට් වලත් සෙනග....එත් තව කට්ටියකට කන්න නැහැ....එ කියන්නෙ මෙ තත්වය තුල වෙලා තියෙන්නෙ ආර්තික අසමතුලිත තත්වය වැඩි වෙලා....ඇති නැති පරතරය වැඩි වෙලා. ලක්ශ 50ක් ස්තාවර තැන්පතු තියෙන එකෙනාට 100,000 ක් විතර පොලිය මසෙකට...එතකොට අවුලක් නැහැ...හැබැයි නැති එකාට රස්සවක් වත් නැහැ.
කොහොමද හොඳයි නේද? පිරිසිදු, පෝෂ්‍යදායී ආහාර තමයි ඔවුන් දැන් ගන්නේ.
දැනටමත් බාගයක් වැහිලා ගිහින් ඉවරයි. . විදේශිකයො ආවම ඒ ඔක්කොම තරු පන්තියෙ හොටල් වලින් කකා ඉන්නෙ නෑ. .ාලකන්නි ආණ්ඩුවකින් මීට වඩා මොනව බලාපොරොත්තු වෙන්නද..