
(අංජුල මහික වීරරත්න)
ආසියා සංවර්ධන බැංකුව මෙරට සියලුම ගොවීන් වෙනුවෙන් පිරිනමන ලද රුපියල් බිලියන අටක මූදල ගොවි ගිණුම්වලටම බැර කිරීම අද( 29) නිල වශයෙන් සිදු කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මෙවර මහ කන්නයේදී වී වගා කරන භූමි ප්‍රමාණය හෙක්ටෙයාර් ලක්ෂ 08ක් බවත් මේ වනවිටත් වගා කටයුතු ආරම්භ කර ඇති හා අවසන් කර ඇති කුඹුරු බිම් ප්‍රමාණය හෙක්ටෙයාර් 7,60,000 ඉක්මවා තිබෙන බවත් අමාත්‍යාංශය පවසයි.
එම කුඹුරු ප්‍රමාණය අයත් ගොවි පවුල් සංඛ්‍යාව මිලියන 1.2ක් වන අතර පසුගිය මහ කන්නයේදී සිදුවූ අස්වනු හානිය සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි ආසියා සංවර්ධන බැංකුව රුපියල් බිලියන අටක මුදලක් මෙරටට ලබා දුන් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.
ඒ අනුව එම මුදල් කුඹුරු හෙක්ටෙයාර් එකක් ඇති ගොවීන් සඳහා රුපියල් 10,000ක් හා කුඹුරු හෙක්ටෙයාර් දෙකක් ඇති ගොවීන්ට රුපියල් 20,000ක් වශයෙන් ගොවි ගිණුම්වලටම බැර කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද ගොවියා සතුටුවෙන දවසක්... ඇමතියා ගොඩාක් සතුටුවෙන දවසක්...