
(නිමල කොඩිතුවක්කු)
පලාත් පාලන මැතිවරණ ව්‍යාපාරය ලබන වසර මුල සිටම ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කොළඹ දී අද (29) පැවසීය.
මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට සමගි ජන බලවේගයට අයදුම්පත් විශාල ප්‍රමාණයක් ලැබී ඇති බවත් අද සිටම සම්මුඛ පරීක්ෂණ ආරම්භ කළ බවත් මහ ලේකම්වරයා සඳහන් කළේය.
එක දිගට දින හතක් අඛණ්ඩව සම්මුඛ පරීක්ෂණ පවත්වා සුදුසුම කණ්ඩායම සඳහා මෙවර අපේක්ෂකත්වය ලබා දෙන බවත් ඇතුල්කෝට්ටේ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවති පළාත් පාලන නියෝජිතයන් සඳහා පැවති සම්මුඛ පරීක්ෂණය අතරතුර මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උස අය... මිටි අය... එහෙම නැද්ද?
මොන පක්ෂයෙන් වුණත් වැදගත් පුද්ගලයන් ඉදිරිපත් කරන්න.