
(ඩයනා උදයංගනී)
පෑන් මිල ඉහළයාම හේතුවෙන් පෑන්වලට යොදන කාබන් කූරු වෙනම අලෙවිය මේ වන විට ආරම්භ වී තිබේ.
ඇතැම් පාසල් උපකරණ අලෙවිසැල් මගින් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ද මෙම කාබන් කූරු අලෙවි කරන අතර රුපියල් 7ත් 10ත් අතර මිල ගණන් යටතේ පෑන් බට අලෙවි වේ.
මේ වන විට බෝල්පොයින්ට් පෑනක මිල රුපියල් 25ත් 50ත් අතර වන අතර, කාබන් කූරක් අඩු මිලට ලබාගෙන පරණ පෑනකට යොදා භාවිතා කළ හැකි බව එම අලෙවි නියෝජිතයෝ පවසති.
ඇතැමුන් පවසන්නේ මෙය ආර්ථික වාසියක් මෙන්ම පරිසරයට එක්වන ප්ලාස්ටික් පෑන් ප්‍රමාණය අඩුවීමෙන් පරිසර ආරක්‍ෂාවට ද හේතුවන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි තීන්ත පෑන් භාවිතය පටන් ගන්නෙ නැත්තෙ
හොඳ අදහසක්...
ගොඩක් වටින අදහසක්... නියමයි!
අගය කළ යුතු හොඳ වැඩක්...
ශාම් වෝම් කිව්වොත් කියන්නේ ඔයවගේ මැටිමෝල් කතාවක් තමයි...
තීන්ත පෑන් භාවිතා කරනකොට බෝල් පොයින්ට් පෑන් ගෙන්වනකොට රජයේ නිලධාරින්ට ලැබෙන කොමිස් එක අඩුවෙනවා...
මේක ඉතාම හොඳයි. මම මේක ගැන හිතුවා විතරයි. තීන්ත පෑන පාසල් සිසුන් අතර ජනප්‍රිය කළ හැකියි. එය ගල් යුගයට යෑමක් නොවෙයි. හරි ආසයි ඒ කාලේ තීන්ත පෑනෙන් ලියන්න. අකුරු ලස්සනට ලියන්න පුළුවන්.
හොඳ වැඩක්. ඒත්, එසේ වෙළෙඳ පළට එන කාබන් කූරු හොඳ මට්ටමේ ඒවා විය යුතුයි වගේම හොඳ ප්‍රමිතියකින්ද යුත් ඒවා විය යුතුයි. නැතහොත් උතුරන කූරු නිසා, හිරවෙන කූරු නිසා තවත් ප්‍රශ්න ඇතිවේවි. සිසු දරුවන්ගේ මුදල් අපතේ යාවි...
හොදයි නම් කමක් නැ ඉතිම්. ඒක අවුලක්ම නැ
මෙම පෑන් කූරු තොග වශයෙන් ලබා ගත හැකි ස්ථාන මොනවාද විස්තර කියන්න.
කොහෙද ගන්න තියෙන්නෙ
කරැණාකරල දුරකථන අංකයක් දෙන්න.
කරුණාකර මට දුරකථන අංකයක් ලබාදෙන්න...
ඉතාමත් හොඳ අදහසක් කූරු ගන්න තැනක් කියන්න