
(විමුක්ති එස් රුද්‍රිගු)
ගෝලීය දැනුම් දර්ශකයේ (ග්ලෝබල් නොලේජ් ඉන්ඩෙක්ස්) 2022 වසරේ ශ්‍රී ලංකාව රටවල් 132 ක් අතරින් 79 වැනි ස්ථානය ලබාගෙන ඇත.
මොහොමඩ් බින් රෂිඩ් අල් මක්ටුම් දැනුම පදනම සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන එක්ව අධ්‍යාපනය, නවෝත්පාදන, දැනුම, ආර්ථිකය, තාක්‍ෂණය සහ පර්යේෂණ, සංවර්ධනය වැනි ක්ෂේත්‍ර පදනම් කරගනිමින් රටවල් පිළිබඳ සිදුකරනු ලබන තක්සේරුව ගෝලීය දැනුම් දර්ශකය වේ.
මෙම දර්ශකයේ 79 වැනි ස්ථානය ලබා ගෙන ඇති ශ්‍රී ලංකාවට ලකුණු 43.4 ක් ලබා දී ඇත.
මෙම දර්ශකයේ පළමු ස්ථානය ඇමෙරිකා එක්සත් ජනපදය ලකුණු 68.37 ලබා ගනිමින් හිමිකර ගෙන ඇත. දෙවන ස්ථානය ලකුණු 68.28 ක් ලබා ගනිමින් ස්විට්සර්ලන්තයත් ලකුණු 66.96 ක් ලබා ගනිමින් තෙවැනි ස්ථානය ස්වීඩනයත් ලබා ගෙන තිබේ.
මෙම දර්ශකයේ ඉන්දියාවට 91 වැනි ස්ථානය හිමිව ඇති අතර ඉන්දියාව ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 41.52 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්ධියෙන් පෙරට වුණාට රට බංකොළොත්නේ...
මේ බුද්ධිය නොව දැනුමෙන් ය. බුද්ධිය (IQ) ගැන කතා කළොත් වැළපෙන්න වෙනවා. ලංකාවේ IQ සාමන්‍යය 79. IQ 85 ට අඩු පුද්ගලයකු සාමාන්‍ය වගකීමක් (උදා: යුද භටයෙක්) සහිත රැකියාවකට පවා නුසුදුසුයි කියලයි සැලකෙන්නේ...
ග්ලෝබල් නොලේජ් ඉන්ඩෙක්ස් එකේ සංස්කාරකවරු අපේ අයගේ " දැනුම " ගැන හරියටම දැනුමක් නැති අය බවයි පෙනෙන්නේ. අපි ගැන ඒගොල්ලෝ හරියටම දැනගත් දවසට ඇමෙරිකාව අද මේ ඉන්ඩෙක්ස් එකේ ඉන්න තැනට අපිව තල්ලු කරනවා නියතයි. අපි අපේ දැනුම ගැන බලමු...හොරාකෑමට ඇති දැනුම මුලිකයි.අපේ කට්ටිය ඕනෑම ක්‍රමයකට හොරකම් කරන්න දක්ෂයෝ.ඒ අපේ ආදී මුත්තා හෙවත් ඉතිහාස කරුවා කියන විදිහට " විජය " කියන පට්ට හොරාගේ ජාන තවමත් නොනැසී අපේ සිරුරුවල තියෙන නිසාවෙන්න ඇති. හොරාකෑමට ඇති ඉහලම විශේෂඥ දැනුම තිබෙන ඔස්තාද්ලා 225 ක් අපේ රටේ තිබෙන දියවන්නාවේ අසුචි මාලිගයේ සිට නීති හදති. හැදු නීති ඔවුන් විසින්ම කඩන අවස්ථා බොහෝ ඇත... ඒ ඔවුන්ගේ දැනුම අනුව ඔවුන්ට රට හොරා කෑමට නොහැකි බව හැඟුනොත් පමණි.තමන්ගේ දැනුම වැරදි ආකාරයට යොදවන අපේ සමහරක් හොඳ හොඳ බිස්නස් කරනවා.මිනි එම්බාම් කරන්න ගන්න ෆෝමලීන් දානවා විකුනන්න තියෙන මාළු වලට. මැරුණ මාළුවා එම්බාම් වෙනවා නොමිලේම.ඒ වගේම ඒ මාලුවාව අහාරයට ගන්න මනුස්සයත් පන පිටින්ම එම්බාම් කරන " දැනුම " ඇත්තේ අපේ අයට පමණක්ද කියලත් මට හිතෙනවා.
ඹුද්දියෙන් පෙරට හිටියට....විතරක් මදි. තවත් ගොඩාක් දේවල් වලින් අපි ඉන්නෙ ගොඩාක් පිටිපස්සෙ.
ලංකාවේ උන් බුද්ධිමත් ?පිස්සු හැදෙයි .අපි ඉතින් ඒ බුද්ධියේ තරම දැක්කා නේ 2019 .මේ තාමත් කෙලවිලා ඉන්නේ ඒකේ බල මහිමයෙන්.එක අතකට තරුණ පරපුර නම් බුද්ධිමත් ඇති .65 න් උඩ අයගේ නම් බුද්ධියයි දැනුමයි දෙකම නිලේ නිල්.හදන්නත් බහ හදන්නත් බැහැ .හැදෙන්නෙත් නැහැ