(අංජුල මහික වීරරත්න)
මහා භාණ්ඩාගර ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 10,600ක මුදලක් වෙන්කරමින් මෙම වසරේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති 215න් ව්‍යාපෘති 175ට ආසන්න ප්‍රමාණයක වැඩ සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.
ඒ අනුව තවත් ව්‍යාපෘති 40ක වැඩ අවසන් කිරීමට නියමිතව ඇත. නාගරික සංවර්ධන අධිකාරිය පවසන්නේ මෙම වසරේදී රට මුහුණදුන් අයහපත් ආර්ථික තත්ත්වය හේතුවෙන් එම ව්‍යාපෘතිවල වැඩ අවසන් කිරීම පමා වූ බවයි.
එහෙත් ලබන වසරේදී එම ව්‍යාපෘති 40 හි වැඩ අවසන් කිරීමට පියවර ගන්නා ලෙස විෂය භාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගෙන් දැනටමත් උපදෙස් ලැබී ඇති බවද නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබන සියක් නගර සංවර්ධන වැඩ සටහන යටතේ මෙරට සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ නාගරික මධ්‍යස්ථාන 117ක් තෝරා ගෙන නගර 116ක ව්‍යාපෘති ආරම්භ කර ඇත. ඉන් නගර 110ක වැඩ මේ වනවිට සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බවද නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.