(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවට පැමිණෙන සහ පිටවෙන ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන් සම්පූර්ණ කළ යුතු ආගමන හා විගමන කාඩ්පත ලබන ජනවාරි 1 වෙනිදා සිට මාර්ගගත ක්‍රමයට සම්පූර්ණ කිරීමේ අවස්ථාව ලබාදී ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණීමට හෝ පිටවීමට දින තුනකට පෙර සිට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.immigration.gov.lk හෝ eservices.immigration.gov.lk යන වෙබ් අඩිවලට පිවිසීමෙන් කාඩ්පත සම්පූර්ණ කළ හැකි බවද ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.
ශ්‍රී ලංකාවට පැමිණෙන සහ පිටවෙන සියලුම දෙනාගේ පහසුව වෙනුවෙන් මෙම පියවර ගත් බවද ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රමය නමි හොදයි පෝලිමේ ඉන්න උවමනා නැහැ? නමුත් මේ ක්‍රමය සාර්ථක වේවිද!!?
ඒ කියන්නේ බෝඩින් පාස් ගහන්න වත් කොළ නෑ කියන එකද?