IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කලින් ගෙදර යන්න දුම්රිය මඟ හදයි

(අංජුල මහික වීරරත්න)

උතුරු දුම්රිය මාර්ගයේ අබලන්ව පවතින අනුරාධපුර කන්කසන්තුරය කොටස මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය ජනවාරි 05 වැනිදා මැදවච්චියේදී ඇරඹෙන බව ජනමාධ්‍ය හා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් කෝටි 3300 ක වියදමින් මෙම ව්‍යාපෘතිය නිම කිරීමට නියමිත අතර ඉන්දියාවේ ඉර්කෝන් සමාගම විසින් මෙම ව්‍යාපෘතිය සිදුකරන බවද ඇමතිවරයා පැවසීය.

මාස පහකදී මෙම ව්‍යාපෘතිය නිමවීමෙන් පසුව අනුරාධපුර සිට කන්කසන්තුරේ දක්වා දුම්රිය පැයට කිලෝමීටර් සියයක වේගයෙන් දුම්රිය ධාවනය කිරීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

කොළඹ සිට යාපනේ, කන්කසන්තුරේ දක්වා ධාවනය වන උතුරු දුම්රිය මාර්ගයේ සිදුකෙරෙන මෙම දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය දුම්රිය සේවයේ සිදුවන දෙවන හැරවුම බවට පත්වනු ඇති බවත් මෙම සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් අනුරාධපුර සිට වවුනියාව දක්වා දුම්රිය මාර්ගය මාස 05 කාලයක් දක්වා ජනවාරි 05 වැනිදා සිට වසා තබන බවද ඇමතිවරයා කීය.

මෙම දුම්රිය මාර්ගයේ සිදුවන ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් මාර්ගය වසා දැමීමට සිදුවුවද කොළඹ සිට අනුරාධපුර දක්වා දිනකට දුම්රිය ගමන් වාර පහක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර අනුරාධපුර සිට ඒකාබද්ධ බස්රථ සේවාවක් මඟින් යාපනය දක්වා ගමන් කිරීමට මඟීන්ට පහසුකම් සළසන බවද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

උතුරු දුම්රිය මාර්ගයේ සිදුකිරීමට නියමිත දැවැන්ත ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

 



අදහස් (4)

කලින් ගෙදර යන්න දුම්රිය මඟ හදයි

Sunil Thursday, 29 December 2022 05:44 PM

මේ ව්‍යාපෘතිය කෙරෙන අතර මැති ඇමැතිවරුන්ටත් කළින්ම ගෙදර යන්න මග පෑදෙයි...

:       1       8

lalindra Thursday, 29 December 2022 08:28 PM

ඔය කිලෝමීටර් 100 කතාවයි හැරවුම් කතාවයි තාර බර ඇරලා ගනිල්ලා බන්දුල මහත්තයා කිව්වා නම් එක උදාහරණයක් කියන්නම්... වැට් අඩු කරනකොට සිද්දවෙන දේවල් අතේ පැළ කරලා පෙන්නුවා. වැඩේ හබක් වෙනකොට අපි කියන දේවල් ඇහුවේ නෑ කියලා ෂේප් වෙන්න හදනවා. දැන් ඔය අපුරුවට ඉන්නේ මහා බැංකු හොරකම ජනගත කළ බන්දුල විදිහටයි මහා මැතිවරණයේදී ප්‍රොමෝට් කරේ. ලැජ්ජා නැතිකම ප්‍රවාහන ඇමැතිකමටත් වඩා ලොකුයි...

:       0       18

Dinesh Thursday, 29 December 2022 11:02 PM

ඔය රේල් පාර හැදුවේ 2009 න් පස්සේ නේද? තවම අවුරුදු 13 ක් වත් නෑ. සුද්ද හදපුවා තවම වැඩ. කොමිස් ගන්න යන්තම් අටවපු ප්‍රොජෙක්ට්.

:       1       4

Lalith M Friday, 30 December 2022 01:30 PM

2013 කාලයේ ඔය කොටසේ පැයට කිලෝමීටර 100 වේගය තිබුණ. ඔතරම් ඉක්මනට පාර අබලන් වීම පුදුමයට කාරණයක්. නඩත්තුව සිදුකර නෑ.....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 153 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site