
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ හාර්ට් ටු හාර්ට් ජාත්‍යන්තර සංවිධානය තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 7.27 (ශ්‍රී ලංකා රුපියල් බිලියන 2.7) ක හදිසි වෛද්‍ය ආධාර තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ බව ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
මෙම වෛද්‍ය ආධාර තොගයට අධි රුධිර පීඩනයට, හෘද රෝග, මානසික රෝග සහ අඩු පොටෑසියම් මට්ටම්ට ප්‍රතිකාර කිරීමට ගන්න ඖෂධ අයිති වන බව එම නිවේදනයේ දැක්වේ.මෙම ආධාරයත් සමඟ හාර්ට් ටු හාර්ට් ජාත්‍යන්තර සංවිධානය මේ දක්වා ඇමෙරිකානු ඩොලර් මිලියන 19.91 (ශ්‍රී ලංකා රුපියල් බිලියන 7.4) ක වෛද්‍ය ආධාර ශ්‍රී ලංකාවට ලබා දී ඇතැයි ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd