(යොහාන් භාසුර)
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ වේරහැර කාර්යාලයේ අක්කරයක පමණ භූමි භාගයකින් යුත් රථගාල දේශපාලඥයන්ගේ සහ ආරක්ෂක අංශවල අනුග්‍රහය ඇතිව පාතාල කණ්ඩායමක් අනවසරයෙන් පවත්වාගෙන යන බව එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
පාතාල සාමාජිකයන් 8 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ පුද්ගලයන් යොදා ගනිමින් රථගාල පවත්වාගෙන යන බවත් මොවුන් කිසිදු බාධාවකින් තොරව වසර ගණනාවක සිට මෙය පවත්වාගෙන ගියද එහි ආදායමෙන් කිසිදු මුදලක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට නොදෙන බවද එම නිලධාරියා සඳහන් කළේය.
අදාල මැර කණ්ඩායම යතුරුපැදියක් ගාල්කිරීමට රුපියල් 120 ක්, ත්‍රීරෝද රථයක් ගාල්කිරීමට රුපියල් 200 ක් සහ මෝටර් රථක් ගාල්කිරීමට රුපියල් 300 ක් ලෙස ගාස්තු අයකරමින් දෛනිකව රුපියල් ලක්ෂ ගණනක ආදායමක් උපයන බවත් මෙම ජාවාරම පවත්වාගෙන යාමට කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන දේශපාලකයන් කිහිදෙනකුගේ සහ ප්‍රදේශයේ ආරක්ෂක අංශවල අනුග්‍රහය නොඅඩුව ලැබෙන බවත් එම නිලධාරියා කීය.
එම දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් රථගාලේ අයිතිය පිළිබඳ සාකච්ඡා කිරීමට උත්සාහ කළ ද අදාල පාතාල කණ්ඩායමේ බලපෑම් හේතුවෙන් එම උත්සාහයන් ව්‍යාර්ථ වී ඇති බව කී එම උසස් නිලධාරියා මෙම රථ ගාල පවත්වාගෙන යන ඉඩම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවට පවරා දෙන ලෙස නාගරික සංවර්ධන අධිකාරියෙන් ඉල්ලීමක් කර ඇති බවද සඳහන් කළේය.
එම නිලධාරියා වැඩිදුරටත් පැවසුවේ අදාළ රථගාල හැකි ෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පවරා ගැනීමට කටයුතු කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා වහා අත්අඩංගුවට ගන්න.
මෙම ඉඩම මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අයිති නම්, ඇයි නාගරික සංවර්ධන අධිකාරියෙන් ඉල්ලන්නේ පවරලා දෙන්න කියලා? අනික නාගරික සංවර්ධන අධිකාරියත් අයත් වෙන්නේ අර කප්පම් කාරයින්ටනේ. ඉතින් කොහොමද සාධාරණයක් ඉටු වෙන්නේ? දේශපාලන අනුග්‍රහය නොමැතිව අපරාධයක් කරලා රටේ නිදහසේ ඉන්න බැහැ.
නාරාහේන්පිටත් එහෙමයි. RMV එක ඉස්සරහම බයික් එක දාන්න නම් ඔවුන්ට රුපියල් 50ක් දෙන්න ඕනෑ. ලංකාව් ආරක්ෂක අංශ තියෙන්නේ නමට විතරයි...
ඔහොම යමු, මේ යන විදියට වැඩි කාලයක් ඕවාට පැවැත්මක් නැහැ. ඉක්මණින්ම ක්‍රමය වෙනස් කරමු. එදාට ඔය "අයියලා:" හුළං බැස්සා වගේ හොයාගන්නත් බැරිවෙයි.
අපේ රටේ දේශපාලකයින් සහ මැරයින් කියලා දෙවර්ගයක් නෑනේ. දෙගොල්ලම එකයි. එවැනි අය පාර්ලිමේන්තු යනවා.. සාමාන්‍ය ජනතාව තමයි මේවාට සම්පූර්ණයෙන් වග කියන්න ඕනෑ..
අම්මපා මේක බල්ලන්ටම ගිය රටක් නේද? ඒකනේ මහාචාර්යවරුත් දැන් බල්ලන් සමග ඉන්න තත්වෙට පත්වෙලා තියෙන්නේ.
රටකන දේශපාලන හොර හැතිකරය හා පාතාලය බොහෝවිට ඒකට සම්බන්ධයි. හරියට නිවුන් සොහොයුරන් වගෙයි. ඉතින් කොහොමද රටක් හදන්නේ... ජනතාවගේ පිනට fourth state හෙවත් සිව්වැනි ආණ්ඩුව බලවත්... ඒ කියන්නේ රට මේ තරමින් හෝ පවතින්නේ රටට ආදරය කරන හොඳ මාධ්‍යකරුවන් නිසයි. මාධ්‍ය ඔස්සේ පෙන්වීමට ප්‍රථම මේවා විසඳා ගැනීමට සමත් නොවීම ගැන රටේ පාලකයන් හා පොලිස්පතිද, පොලිස් දෙපාර්තමේන්තුව හා අනෙකුත් වගකිවයුතු අංශ සත්‍ය වශයෙන්ම ලැජ්ජා විය යුතුයි. දැන් මාධ්‍ය සමඟ උරණ නොවී නිවැරදි දේ කරන්න....
පාතාලේ ඉස්සරහ දෙකට නැමෙනවා..!
ඔච්චර හරියක් කරනකම් නිදාගෙන හිටපු නිලධාරීන් කවුද? නඩු පවරන්න තිබුණනේ.
This is very dangerous set up. . Be careful These guys will kill you. I am proud of this officer but feel sorry about his life.
Is there no Sri Lankan government ?
දැන් ලංකාවේ පොලීසිය, ආරක්ෂක හමුදා ඉන්නේ රටේ ජනතාව වෙනුවෙන් අරගල කරන අයට කඳුළු ගෑස් ගහන්න, ප්‍රහාර එල්ල කරන්න, වෙඩිතියන්න. පාතාලයට බයයි.
දේශපාලුවො සහ උන්ගෙ මැර හෙංචයියො එකතුවෙලා රටේ සම්පත් සූරා කනවා. මිලියන ගණන් මාසිකව ආදායම් ලබන එවුන් ආදායම් බද්ද උන්ගෙන් ඉවත්කරන්න කියලා පෙත්සම් ලියනවා. අත්සන් එකතුකරනවා. විදුහල්පතිලා දරුවො පාසැල් වලට ගන්න අල්ලස් ගන්නවා. ගුරුවරු පාසැලේ ඉගැන්වීම නොකර පුද්ගලික පංතියට කැදවා මුදල් උපයනවා. අනෙක් නිළධාරින් විවිධ ක්‍රමයට වංචා දූෂණ කර මුදල් උපයනවා. .අත පය හකුලාගෙන සිටින පිරිසට රජයෙන්ම කන්න බොන්න දෙනවා (සමුර්ධි හා පන්දාහෙ කොල බෙදීම ). ඉතින් අහිංසක කම්කරුවන් හා සාමාන්‍ය මධ්‍යම පංතියේ අයට රටේ පාලනය සදහා අවශ්‍ය මුදල් සොයන්න වෙලා තියෙනවා. මධ්‍යම පංතිය සූරාකෑම රජයෙන් උපරිමයෙන් කරනවා. එක් උදාහරණයක් කිව්වොත් රටට විදේශ විනිමය සොයන කුඩා තේවතු හිමියන් මහා පරිමාණයට සූරා කනවා. මම අහල තියෙනවා සැප්තැම්බර් මාසයේ අමු දලු කිලෝවක් රුපියල් 275 ක් වුනා. නමුත් නොවැම්බර් මාසයේ රුපියල් 225යි. රුපියල් පනහක් කිලෝ එකකින් ගසා කනවා. .අනෙක් අපනයන භෝග සදහාත් එහෙම තමයි.
මෛ්ක සාමාන්‍ය දෙයක්.ඔය බොහෝ පූජා ස්ථාන අවට රථ ගාල් සදහා අය කරන මුදල් රජයට බැර වෙන්නේ නැහැ.විහේෂයෙන්ම කතරගම.ඒවට දෙන රිසිට් පත්වල කිසිම අත්සනක් හෝ සිල් එකක් නැහැ.මේවත් ඔය කියන විදියෙම ඒව තමයි.අපිත් ඉතිං බලුවෙලා එනවා.හැබැයි අපේ ගමේ නම් ඒ සෙල්ලම් දාන්න අපි ඉඩ තියන්නෙ නැහැ.මොනව කරන්නද. නඩුත් හාාමුදුරුවන්නේ බඩුත් හාමුදුරුවන්ගෛ
ඉස්සරහට බුද්ධිමත් ජනතාව ඕවට සුදුසු පියවර ගනී...
පාර්ලිමේන්තුවේත් මැරයෝ රජ කරන කොට රථ ගාල ගැන පුදුමයක් නැහැ