IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


වේරහැර රථගාල මැරයන්ට

(යොහාන් භාසුර)

මෝටර් රථ  ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ වේරහැර කාර්යාලයේ අක්කරයක පමණ භූමි භාගයකින් යුත් රථගාල දේශපාලඥයන්ගේ සහ ආරක්ෂක අංශවල අනුග්‍රහය ඇතිව පාතාල කණ්ඩායමක් අනවසරයෙන් පවත්වාගෙන යන බව එම දෙපාර්තමේන්තුවේ උසස්  නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

පාතාල සාමාජිකයන් 8 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ පුද්ගලයන් යොදා ගනිමින් රථගාල පවත්වාගෙන යන බවත් මොවුන් කිසිදු බාධාවකින් තොරව වසර ගණනාවක සිට මෙය පවත්වාගෙන ගියද එහි ආදායමෙන් කිසිදු මුදලක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට නොදෙන බවද එම නිලධාරියා සඳහන් කළේය.

අදාල මැර කණ්ඩායම යතුරුපැදියක් ගාල්කිරීමට  රුපියල් 120 ක්, ත්‍රීරෝද රථයක් ගාල්කිරීමට රුපියල් 200 ක් සහ මෝටර් රථක් ගාල්කිරීමට රුපියල් 300 ක් ලෙස ගාස්තු අයකරමින් දෛනිකව රුපියල් ලක්ෂ ගණනක ආදායමක් උපයන බවත් මෙම ජාවාරම පවත්වාගෙන යාමට කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන දේශපාලකයන් කිහිදෙනකුගේ සහ ප්‍රදේශයේ ආරක්ෂක අංශවල අනුග්‍රහය නොඅඩුව ලැබෙන බවත් එම නිලධාරියා කීය.

එම දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් රථගාලේ අයිතිය පිළිබඳ සාකච්ඡා කිරීමට උත්සාහ කළ ද අදාල පාතාල කණ්ඩායමේ බලපෑම් හේතුවෙන් එම උත්සාහයන් ව්‍යාර්ථ වී ඇති බව කී එම උසස් නිලධාරියා මෙම රථ ගාල පවත්වාගෙන යන ඉඩම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවට පවරා දෙන ලෙස නාගරික සංවර්ධන අධිකාරියෙන් ඉල්ලීමක් කර ඇති බවද සඳහන් කළේය.

එම නිලධාරියා වැඩිදුරටත් පැවසුවේ  අදාළ රථගාල හැකි  ෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පවරා ගැනීමට කටයුතු කරන බවයි.



අදහස් (21)

වේරහැර රථගාල මැරයන්ට

dasun Thursday, 29 December 2022 03:59 PM

අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා වහා අත්අඩංගුවට ගන්න.

:       0       87

Hafeel Thursday, 29 December 2022 04:16 PM

මෙම ඉඩම මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අයිති නම්, ඇයි නාගරික සංවර්ධන අධිකාරියෙන් ඉල්ලන්නේ පවරලා දෙන්න කියලා? අනික නාගරික සංවර්ධන අධිකාරියත් අයත් වෙන්නේ අර කප්පම් කාරයින්ටනේ. ඉතින් කොහොමද සාධාරණයක් ඉටු වෙන්නේ? දේශපාලන අනුග්‍රහය නොමැතිව අපරාධයක් කරලා රටේ නිදහසේ ඉන්න බැහැ.

:       0       80

මරිසිපාල Friday, 30 December 2022 07:55 AM

සහතික ඇත්ත මෙතැන කුමක් හෝ වංචාවක් සිද්ධ වෙනවා. සමහර විට කප්පම් දේශපාලුවෙක් නැත්නම් නාගරික සංවර්ධන ඇමතිවරයා හෝ ප්‍රවාහන ඇමතිවරයා හෝ ඔවුන් සමග මෝ.ප්‍ර.කො එක්ව කරන ව්‍යාපෘතියක් වෙන්න පුළුවන්. මෙයට පොලිසියේ සම්බන්ධීකරණයක් නොතිබෙන්නම බැහැ. කොහොමත් ලංකාවෙ දේශපාලුවො තමන්ගෙ මඩිය තරකර ගනිද්දී ගෝලයො ඕක කරනවා වෙන්න පුළුවන්. මෙහෙම රටේ සම්පත් නාස්ති කරන කරවන සැමගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න ඕන.

:       0       24

Janindu Thursday, 29 December 2022 04:17 PM

නාරාහේන්පිටත් එහෙමයි. RMV එක ඉස්සරහම බයික් එක දාන්න නම් ඔවුන්ට රුපියල් 50ක් දෙන්න ඕනෑ. ලංකාව් ආරක්ෂක අංශ තියෙන්නේ නමට විතරයි...

:       0       88

PereraThursday, 29 December 2022 06:48 PM

ආරක්ෂක අංශ තියෙන්නේ දේශපාලුවන්ව රකින්නයි, මහජනතාව මර්ධනය කරන්නයි...

:       1       66

අබරන් Friday, 30 December 2022 12:18 AM

එහෙම වෙලා තියෙන්නේ කඳ, බඩ විතරක් තියෙන කිසිම විනයක්, සදාචාරයක් සහ ශිෂ්ට බවක් නැති පුද්ගලයන් ආරක්ෂක අංශ වලට බඳවා ගැනීම නිසා.

:       0       20

කරුණාජීව Thursday, 29 December 2022 05:40 PM

ඔහොම යමු, මේ යන විදියට වැඩි කාලයක් ඕවාට පැවැත්මක් නැහැ. ඉක්මණින්ම ක්‍රමය වෙනස් කරමු. එදාට ඔය "අයියලා:" හුළං බැස්සා වගේ හොයාගන්නත් බැරිවෙයි.

:       1       59

කිරිපුතා Thursday, 29 December 2022 06:03 PM

අපේ රටේ දේශපාලකයින් සහ මැරයින් කියලා දෙවර්ගයක් නෑනේ. දෙගොල්ලම එකයි. එවැනි අය පාර්ලිමේන්තු යනවා.. සාමාන්‍ය ජනතාව තමයි මේවාට සම්පූර්ණයෙන් වග කියන්න ඕනෑ..

:       0       54

C.K.Lankaputhra Thursday, 29 December 2022 06:07 PM

අම්මපා මේක බල්ලන්ටම ගිය රටක් නේද? ඒකනේ මහාචාර්යවරුත් දැන් බල්ලන් සමග ඉන්න තත්වෙට පත්වෙලා තියෙන්නේ.

:       3       44

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 29 December 2022 06:32 PM

රටකන දේශපාලන හොර හැතිකරය හා පාතාලය බොහෝවිට ඒකට සම්බන්ධයි. හරියට නිවුන් සොහොයුරන් වගෙයි. ඉතින් කොහොමද රටක් හදන්නේ... ජනතාවගේ පිනට fourth state හෙවත් සිව්වැනි ආණ්ඩුව බලවත්... ඒ කියන්නේ රට මේ තරමින් හෝ පවතින්නේ රටට ආදරය කරන හොඳ මාධ්‍යකරුවන් නිසයි. මාධ්‍ය ඔස්සේ පෙන්වීමට ප්‍රථම මේවා විසඳා ගැනීමට සමත් නොවීම ගැන රටේ පාලකයන් හා පොලිස්පතිද, පොලිස් දෙපාර්තමේන්තුව හා අනෙකුත් වගකිවයුතු අංශ සත්‍ය වශයෙන්ම ලැජ්ජා විය යුතුයි. දැන් මාධ්‍ය සමඟ උරණ නොවී නිවැරදි දේ කරන්න....

:       0       41

පිටිගල මිලානෝ Thursday, 29 December 2022 07:20 PM

පාතාලේ ඉස්සරහ දෙකට නැමෙනවා..!

:       0       31

sampath Thursday, 29 December 2022 11:01 PM

ඔච්චර හරියක් කරනකම් නිදාගෙන හිටපු නිලධාරීන් කවුද? නඩු පවරන්න තිබුණනේ.

:       1       14

Semasinghe Friday, 30 December 2022 01:46 AM

This is very dangerous set up. . Be careful These guys will kill you. I am proud of this officer but feel sorry about his life.

:       0       11

Demuni Uduwara Friday, 30 December 2022 04:35 AM

Is there no Sri Lankan government ?

:       0       13

Asela Friday, 30 December 2022 06:23 AM

දැන් ලංකාවේ පොලීසිය, ආරක්ෂක හමුදා ඉන්නේ රටේ ජනතාව වෙනුවෙන් අරගල කරන අයට කඳුළු ගෑස් ගහන්න, ප්‍රහාර එල්ල කරන්න, වෙඩිතියන්න. පාතාලයට බයයි.

:       0       20

අසාධාරණ Friday, 30 December 2022 06:48 AM

දේශපාලුවො සහ උන්ගෙ මැර හෙංචයියො එකතුවෙලා රටේ සම්පත් සූරා කනවා. මිලියන ගණන් මාසිකව ආදායම් ලබන එවුන් ආදායම් බද්ද උන්ගෙන් ඉවත්කරන්න කියලා පෙත්සම් ලියනවා. අත්සන් එකතුකරනවා. විදුහල්පතිලා දරුවො පාසැල් වලට ගන්න අල්ලස් ගන්නවා. ගුරුවරු පාසැලේ ඉගැන්වීම නොකර පුද්ගලික පංතියට කැදවා මුදල් උපයනවා. අනෙක් නිළධාරින් විවිධ ක්‍රමයට වංචා දූෂණ කර මුදල් උපයනවා. .අත පය හකුලාගෙන සිටින පිරිසට රජයෙන්ම කන්න බොන්න දෙනවා (සමුර්ධි හා පන්දාහෙ කොල බෙදීම ). ඉතින් අහිංසක කම්කරුවන් හා සාමාන්‍ය මධ්‍යම පංතියේ අයට රටේ පාලනය සදහා අවශ්‍ය මුදල් සොයන්න වෙලා තියෙනවා. මධ්‍යම පංතිය සූරාකෑම රජයෙන් උපරිමයෙන් කරනවා. එක් උදාහරණයක් කිව්වොත් රටට විදේශ විනිමය සොයන කුඩා තේවතු හිමියන් මහා පරිමාණයට සූරා කනවා. මම අහල තියෙනවා සැප්තැම්බර් මාසයේ අමු දලු කිලෝවක් රුපියල් 275 ක් වුනා. නමුත් නොවැම්බර් මාසයේ රුපියල් 225යි. රුපියල් පනහක් කිලෝ එකකින් ගසා කනවා. .අනෙක් අපනයන භෝග සදහාත් එහෙම තමයි.

:       1       14

ලලිත් Friday, 30 December 2022 07:34 AM

මෛ්ක සාමාන්‍ය දෙයක්.ඔය බොහෝ පූජා ස්ථාන අවට රථ ගාල් සදහා අය කරන මුදල් රජයට බැර වෙන්නේ නැහැ.විහේෂයෙන්ම කතරගම.ඒවට දෙන රිසිට් පත්වල කිසිම අත්සනක් හෝ සිල් එකක් නැහැ.මේවත් ඔය කියන විදියෙම ඒව තමයි.අපිත් ඉතිං බලුවෙලා එනවා.හැබැයි අපේ ගමේ නම් ඒ සෙල්ලම් දාන්න අපි ඉඩ තියන්නෙ නැහැ.මොනව කරන්නද. නඩුත් හාාමුදුරුවන්නේ බඩුත් හාමුදුරුවන්ගෛ

:       2       13

සුනිමල් Friday, 30 December 2022 04:05 PM

විහාර දේවාල ආශ්‍රිතව මුදල් අයකිරීම කරන්නේ එම විහාරය හෝ දේවාලය මගින්ම තමයි ඒවා එම ආයතනයේ කටයුතු සඳහා ගන්නවා ඇති... ඒත් කළුතර බෝධිය වඳින්න යන අයට නම් ගාස්තු නැතුව වාහන නවතන්න පුළුවන්.. ඒත් මෙතැන රජයේ ඉඩමක් රජයේ දේපළක් ඉතින් එහි ආදායම් රජයට ලැබෙන්න ඕනෑ මෝ.ප්‍ර. කොමසාරිස්වරයා ආයතන සංග්‍රහයේ දෙවැනි කොටසේ වැරැදි සම්බන්ධ උපලේඛනයේ වැරැදි කීපයක් කරන බව හොඳින්ම පේනවා. අදාල අමාත්‍යාංශයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියාගේ අවධානයට යොමුවේවා...! 

:       0       6

කැලෑ පොලිෂ්... Friday, 30 December 2022 10:32 AM

ඉස්සරහට බුද්ධිමත් ජනතාව ඕවට සුදුසු පියවර ගනී...

:       1       8

අබිලින් Saturday, 31 December 2022 06:29 AM

2019 අවුරුද්දේ ගත්තා වගේ තීරණ ගනීවි කියලද කියන්නෙ.

:       0       0

අනුරුද්ධ Monday, 02 January 2023 02:11 PM

පාර්ලිමේන්තුවේත් මැරයෝ රජ කරන කොට රථ ගාල ගැන පුදුමයක් නැහැ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හයේෂිකා සොයාන්න පොලිස් කණ්ඩායම් 3ක්
2025 මැයි මස 12 1489 0

තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හය


කෝටි 5ක කුෂ් කටුනායක ගුවන්තොටුපොළින් අල්ලයි
2025 මැයි මස 12 400 0

රුපියල් මිලියන 460 ක් හෙවත් කෝටි 5කට ආසන්න වටිනාකමින් යුත් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍යය ජාතික තරුණියක් සන්තකයේ තිබූ කු


දුම්රියේ ගැටි තරුණයකු මරුට
2025 මැයි මස 12 632 0

මැදගම පාසල පිටුපස පිහිටි දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදි දුම්රියේ ගැටිමෙන් 22 හැවිරිදි පුද්ගලයෙකු අද (12)දින මිය ගොස් ඇතැයි පරසන්ගස්වැව පොලිසිය කියයි.


ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි
2025 මැයි මස 12 1154 0

ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.


දෙමටගොඩ චමින්දගේ කුඩු බෙදූ 3ක් මාට්ටු
2025 මැයි මස 12 736 0

මරණීය දණ්ඩනය නියමව සිටින පාතාලයකු වන දෙමටගොඩ චමින්ද නමැත්තාට අයත් රුපියල් කෝටි හතරකට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමග එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සමඟ ත


කොළඹ ඇමැති බංගලා ලොකු කුලියක් ගෙවන රජයේ ආයතනවලට
2025 මැයි මස 12 971 0

කොළඹ ඇමැති බංගලා බොහොමයක් පෞද්ගලික ආයතනවලට ලොකු කුලී මුදල් ගෙවමින් පවත්වාගෙන යන අමාත්‍යාංශ ඇතුළු ආයතන වෙත ලබාදීම කෙරෙහි රජයේ ඉහළ අවධානය යොමුවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1204 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1502 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 385 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site