
ලොව ප්‍රකට දේශගුණික විපර්යාස පිළිබඳ හඬ නගන ක්‍රියාකාරිනියක වන 19 හැවිරිදි ග්‍රේටා තන්බර්ග් අන්තර්ජාලය තුළ නැවත වරක් පැසසුමට ලක්ව තිබේ.
මෙවර ග්‍රේටා පැසුසමට ලක්ව ඇත්තේ වෙනස්ම ආකාරයේ කාරණාවක් මුල්කොට ගෙනය.
ග්‍රේටා කතාබහට ලක් වී සිටින්නේ, කාන්තා විරෝධී ආකල්ප ඇති, අන්ත දක්ෂිණාංශික මත පළ කරන මතභේදාත්මක මාධ්‍ය චරිතයක් වන ඇන්ඩෲ ටේට් සමග පැවැති ‘හුටපටයක්’ නිර්මාණය මුල්කොට ගනිමිනි. ‘හුටපටය’ නිර්මාණය වී ඇත්තේ ට්විටර් පරිශීලකයන් අතරේය.
තමන් සතුව සුපිරි මෝටර් රථ 33 ක එකතුව පිළිබඳ උදම් අනමින් එම මෝටර් රථ පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් සහ ඒවායෙන් පරිසරයට සිදුවන හානිය පිළිබඳ විස්තරයක් එවීමට විද්‍යුත් ලිපිනය ලබා දෙන ලෙස ග්‍රේටා තන්බර්ග්ට ඇන්ඩෲ ටේට් ට්විටර් සටහනක් තබමින් පවසා ඇත.
මෙය දුටු ග්‍රේටා තන්බර්ග් ඇන්ඩෲ ටේට්ගේ සටහනට ව්‍යාජ විද්‍යුත් ලිපිනයක් ලබා දෙමින් පිළිතුරු දී ඇති අතර ඇය ලබාදුන් පිළිතුර අන්තර්ජාලය තුළ පැසසුමට ලක්ව තිබේ. ව්‍යාජ ලිපිනය ලෙස ඇය ලබා දී ඇත්තේ [email protected] යන්නයි.
ග්‍රේටා තන්බර්ග්ගේ පිළිතුරට ඇන්ඩෲ ටේට් කෝප වී ඇති අතර ට්විටර් පරිශීලකයන් ග්‍රේටා තන්බර්ග් ලබා දුන් පිළිතුරට සහාය පළ කර ඇත.
(විමුක්ති එස්. රොද්‍රිගු)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.