(ප්‍රසන්න පත්මසිරි)

තේ වත්තේ දළු නෙළීමට පැමිණි අසල්වැසි කාන්තාවකගේ සිගිති දරුවා මිදුලේ සෙල්ලම් කරමින් සිටියදි දියණිය පැදවු ත්‍රිවිලරයට යටවී දරුවා මියගිය පසු සිරුර ප්‍රධාන මාර්ගයට දමා වෙනත් වාහනයකට යටවී මියගිය බව පොලිසියට පවසා අනතුරක් වසංකළ පියාකු දියණියක අද දින අත් අඩංගුවට ගත් බව බදුල්ල පොලිසියේ කොටිඨාස විමර්ශන අංශය කියයි.

බදුල්ල මුතුමාල ගම්මානයේ පදිංචිව සිටි වයස අවුරුදු දෙකක් පමණ වයසති කේෂධී ධනුෂිකා නැමති දැරිය රිය අනතුරකට ලක්ව 2018 මැයි 11දින මියගොස් තිබෙන බව පොලිසිය කියයි.

අනතුරක් වසංකර වෙනත් පුද්ගලයකු නීතියේ රැහැනට හසුකිරීමින් තමන් වරදින් නිදහස් වීමට තැත්කළ පියා හා දියණියක පිළිබදව වසර හතරක් තිස්සේ පොලිසිය සිදු කළ දීර්ඝ විමර්ශනයකින් පසු දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ බදුල්ල මුතුමාල ගම්මානයේ පදිංචි වයස අවුරුදු 78ක් වන පියකු හා අවුරුදු 43ක් වන ඔහුගේ දියණියක බව පොලිසිය කියයි.