
(ටී.කේ.ජී.කපිල)
ඇමෙරිකා ජාතිකයකු සිය ශ්‍රී ලංකා සංචාරය නිමා කර ආපසු සියරට බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියදී ඔහුගේ ගමන් මල්ලේ තිබී මිලි මීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 10 සහ ඒවා බහාලන පතරොම් ගැබක් කටුනායක ගුවන් තොටුපළ පොලීසිය අද අත් අඩංගුවට ගෙන තිබේ .
සැකකරු 38 හැවිරිදි ඇමෙරිකාවේ ටැක්සි රථ රියැදුරෙකි .
ඔහු ඉකුත් හත් වැනි දා ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා පැමිණ තිබුණි .
ඔහු සිය සංචාරය නිමා කර ආපසු පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අවස්ථාවේ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් ඔහුගේ ගමන් මළු පරිලෝකන යන්ත්‍රයක් ඔස්සේ පරීක්ෂා කිරීමේ දී මෙම ජීව උණ්ඩ තොගය සහ පතරොම් ගැබ සොයා ගෙන තිබේ .
ඉන්පසුව මේ පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ පොලීසිය දැනුවත් කිරීමෙන් පසුව , එම නිලධාරීන් පැමිණ රාත්‍රී 06.15 ට පමණ මෙම කළු ජාතික ඇමෙරිකානුවා අත් අඩංගුවට ගෙන තිබේ .
සැකකරු සිය ජපන් ජාතික පෙම්වතිය සමග මාළඹේ ප්‍රදේශයේ සිටින මිතුරියකගේ විවාහ උත්සවයට සහභාගී වී පිටත් වීමට සූදානම් වී ඇත.
මෙම ඇමෙරිකානු ජාතිකයාට එරට තුළ ගිනි අවි භාවිතය සදහා නීතිමය අවසරය සහිත බලපත්‍රලාභියෙකි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ රටේ ගිනි අවි භාවිතයට අවසරයක් මේ සැකකටයුතු ඇමෙරිකානුවට තිබුණට මගීන් ගෙනියන ගුවන් යානය ආයුධ ගෙනියන්න පුළුවන්කමක් නැහැනේ. එහෙමනම් ඕනෑම කෙනෙකුට අවසර තියෙනවා. නියපොතු කපන කටර් එකක්, කතුරක් වගේ දේවල් ළඟ තියාගන්න. ඒත් ගුවන් යානයක යනකොට ඒවා ළඟ තබාගන්න දෙන්නේ නැහැනේ...