(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවට 2019 වසරේ එල්ල වූ පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහා මොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් සමඟ සබඳතා පැවැත්වූ ෂෙයික් හිදයතුල්ලා නම් අයි.එස් ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයකු අත් අඩංගුවට ගැනීමට ගැනීමට ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය සමත්ව ඇත.

මෙම සැකකරු ඉකුත් ඔක්තෝබර් 23 වැනිදා කොයිම්බතූර් හි දේවාලය අසලදී මෝටර් රථයක් පුපුරවා ගත් සැකකරුවන් සමඟද සබඳතා පවත්වා ඇතැයි ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය චෝදනා කර තිබේ.

ෂෙයික් සමඟ  ත්‍රස්තවාදී ක්‍රියා වලට සම්බන්ධ වූ බවට චෝදනා මත සනෝෆර් අලී නම් තවත් සැකකරුවකුද ජාතික විමර්ශන ඒජන්සිය අත් අඩංගුවට ගෙන ඇත.

ඉන්දියානු ජාතික විමර්ශන ඒජන්සිය විසින් ෂෙයික් සහ සනෝෆර් තමිල්නාඩුවේදී අත් අඩංගුවට ගනු ලැබ ඇත.ෂෙයික් හිදයතුල්ලා, මවුලවි සහරාන් බින් හෂීම් සමඟ සබඳතා පවත්වා ඇතැයි මූලික විමර්ශන වලදී අනාවරණය වූ බව විමර්ශන ඒජන්සි නිලධාරියකු ප්‍රකාශ කර තිබේ.