(අනුරාධපුර විශේෂ - බී.ජී.  චතුරංග සහ අනුරාධපුර දයාරත්න ඇඹෝගම)

පාදෙණිය අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ තඹුත්තේගම කෝන්වැව ප්‍රෙද්ශයේදී දී අද (27 දා) සවස සිදු වූ මාරක රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර  ඇති බව තඹුත්තේගම මූලස්ථාන පොලීසිය පවසයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගල්ගමුව මහගල්කඩවල   ප්රවදේශයේ පදිංචි 21 හැවිරිදි දේශාන් මලින්ද නැමැති පුද්ගලයෙකු  සහ ගල්ගමුව කලුන්දෑව ප්රතදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයකු බව පොලීසිය කියයි.

කොළඹ සිට යාපනය දක්වා ගමන් කළ ලොරි රථයක් සහ තලාව සිට තඹුත්තේගම  දෙසට ගමන් තී රෝද රථයක්, තඹුත්තේගම කෝන්වැව ප්‍රෙද්ශයේදී මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි.

දිවයිනේ ප්‍රසිද්ධ සබන් කර්මාන්තශාලාවක ප්‍රචාරක දැන්වීම් ඇලවීමට ගිය සේවකයන් සිව් දෙනෙකු  සේවය  නිමවී ත්‍රි රෝද රථයේ ගමන් කර ඇති බව පොලීසිය කියයි.

අනතුරින් තුවාල ලැබූ සිව් දෙනෙකු  තතඹුත්තේගම  රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ඉන්දෙදෙනකු  ජීවිතක්ෂයට පත්ව ඇති අතර බරපතළ තුවාල ලැබූ අනෙක්  පුද්ගලයන් දෙදෙනා තඹුත්තේගම රෝහලේ හදිසි ප්ර තිකාර ඒකකයේ ප්රපතිකාර  ලබන බව පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම මූලස්ථාන  පොලීසියේ  රථවාහන අංශ නිලධාරීහු පිරිසක් වැඩිදුර  විමර්ශන සිදු කරති.