(අංජුල මහික වීරරත්න)

 

අමාත්‍යංශය කිහිපයක ලේකම්වරුන් ජනාධිපතිවරයා විසින් මාරු කරනු ලැබ ඇති අතර තවත් අමාත්‍යංශය කිහිපයකට නව ලේකම්වරුන් පත්කර තිබේ.

ජනවාරි 1වෙනිදා සිට  බලපැවැත්වෙන පරිදි මේ පත්කිරීම් සිදුකර තිබේ.

ඒ අනුව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ එම්.එම්.පී.කේ මායාදුන්නේ මහතා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ද කාන්තා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමෙි අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ එච්.කේ.ඩී.ඩබ්ලිව්.හපුහින්න මහතා  රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ලෙස ද පත් කරනු ලැබ සිටිති.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් පී.වී. ගුණතිලක මහතා මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත් ඒ.එම්.පී.එම්.බී අතපත්තු මහතා වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත්  පත්ව සිටිති.

කාන්තා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් ලෙස එම්.යමුනා පෙරේරා, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ලෙස එම්.එම්.නයිමුදීන් සහ සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් ලෙස ආර්.එම්.ඩබ්ලිව්.එස්. සමරදිවාකර මහත්ම මහත්මීහු පත්ව සිටිති.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්.  රණසිංහ, වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් යූ.ඩී.සී.ජයලාල් සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්ත පෙරේරා මහත්වරුන්ගේ ධුර කාලය තවත් වසරකින්  දිගු කර ඇතැයිද ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.