(අංජුල මහික වීරරත්න)
රුපියල් 55ට බිත්තර විකිණීමට කුකුළු නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ සංගමය එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මේ වනවිට දේශීය වෙළෙඳ පොලේ කුකුළු බිත්තර මිල රුපියල් 70 ඉක්මවා යමින් පවතින බැවින් අවම මිලක් යටතේ පාරිභෝගිකයින්හට බිත්තර ලබා දීම සඳහා අද දින (26) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කුකුළු නිෂ්පාදන කර්මාන්ත කරුවන් හා කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන් ඇතුළු සංගම් කිහිපයක් සමග සාකච්ඡා පැවැත්වීය.
මෙම සාකච්ඡාව කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති අතර එහිදී කුකුළු බිත්තර මිල ඉහල යාම පාලනය කිරීම සඳහා මෙම කර්මාන්තකරුවන්ගේ දායකත්වය ලබා දෙන ලෙස අමාත්‍යවරයා ඉල්ලිමක් කළේය.
දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කිරීම මෙන්ම පාරිභෝගිකයා ආරක්ෂා කිරීම ද රජයේ වගකීම බව කී අමාත්‍යවරයා දේශීය කුකුළු බිත්තර කර්මාන්තකරුවන් සාධාරණ මිලකට බිත්තර ලබා නොදෙන්නේ නම් අවම මිලක් යටතේ බිත්තර මිලදී ගැනීමට බිත්තර ආනයනය කිරීමට සිදුවනු ඇති බවත් අවධාරණය කළේය.
එහිදී අදහස් පළ කළ එම කර්මාන්තකරුවන් ඔවුන් තවමත් බිත්තර සපයනු ලබන්නේ රුපියල් 49ක් හා 55 මිලට බවත්, එක්තරා අතරමැදි පිරිසක් විසින් බිත්තර ගබඩා කර තබා ගනිමින් බිත්තර මිල ඉහළ නැංවීමට කටයුතු කර ඇති බවත් කීය.
මෙම මස අවසානයේ සිට බිත්තරයක් රුපියල් 55ක මිලක් යටතේ සැපයීම කර්මාන්තකරුවන් එකඟත්වය පළ කළ අතර ආරම්භයේ දී කොළඹට දිනපතා බිත්තර රැගත් ලොරි 20ක් බැගින් එවා ජනාකීර්ණ ප්‍රදේශවල දී පාරිභෝගිකයින්ට අලෙවි කිරීමටත්, එමෙන්ම වෙනත් නාගරික ප්‍රදේශවලට ද එය ව්‍යාප්ත කිරීමටත් එකඟත්වය පළ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසේල සම්පත් නිසා ලංකාවේ මිනිස්සු බිත්තර රුපියල් 55ට කනවා. නැතුව මේ හිපාටු ආණ්ඩුවයි, ගොන් ඇමතියායි නිසා නෙමෙයී.