(ඩයනා උදයංගනී)
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩුපීඩන කලාපය දිවයින හරහා ගමන් කිරීම හේතුවෙන් ඊයේ (25) දිනය පුරා පැවති තද වැසි සහ සුළං හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 4ක නිවෙස් 110 කට හානි සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මින් එක් නිවසක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, නිවාස 109කට අර්ධ හානි සිදුව ඇති බව එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
ඇතිවූ ආපදා තත්වයෙන් මරණ දෙකක් ද වාර්තා වූ අතර, හත් දෙනකු තුවාල ලබා ඇතැයි ඔහු සඳහන් කළේය.
මහනුවර, මාතලේ, අම්පාර සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලට මෙම තත්වයෙන් දැඩි බලපෑම් එල්ල වූ අතර, ඇතිවූ නිවාස හානිවීම් සහ ගං වතුර හේතුවෙන් එම දිස්ත්‍රික්කවල පවුල් 387කට අයත් 1,675 දෙනකු පීඩාවට පත්වූ බව ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
මින් වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයට වන අතර, එම දිස්ත්‍රික්කයේ පවුල් 322 කට අයත්, 1,367 දෙනකු පීඩාවට පත්ව සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd