(සුජිත් හේවාජුලිගේ )
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රීවරුන් දෙදෙනකු ළඟදීම විපක්ෂයේ අසුන් ගැනීමට සූදානම් වෙමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසෙයි.
මින් එක් මන්ත්රීවරයකු දිස්ත්රික් නායකයෙකි. ඔහු කාලයක් ඇමතිවරයකු ලෙසද කටයුතු කළේය.
ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටි හෙයින් දෙදෙනා විපක්ෂයට එක්වීමට මෙසේ තීරණය කර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ මන්ත්රීවරුන් දෙදෙනාට ආණ්ඩුවෙන් මේ දක්වා කිසිම සැලකිල්ලක් ලැබී නැතැයිද දැනගන්නට ඇත.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රීවරු පිරිසක් විවිධ හේතු මත කලකිරීමට පත්වීමෙන් විපක්ෂයේ මෙයට පෙරද අසුන් ගත්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් බොහොම කල කිරිලයි ඉන්නේ.හැබැයි අපිට හුලන් තමයි මොනවා කරත්
මුන් ඔක්කොම තක්කඩියෝ දිනනකම් රාජපක්ෂ ඊටපස්සේ විපක්ෂය, ඇමති කට්ටක් නැතිකමයි ඔය, පුලුවන්නම් පොහොට්ටුවෙන් ඉල්ලා අස්වී විපක්ෂට පලයං නියම පිරිමියෙක් වගේ, තොපි ඔක්කෙමෙට මිනිසුන් චන්දේ දුන්නේ විපක්ෂයට යන්න නෙවි, එහෙනම් කොන්ද තියෙන පිරිමියෙක් වගේ අපේ චන්දේ ආපහු දීල විපක්ෂයේ බැරිනම් අපායට හරි පලයල්ලා, තොපි තමයි ගෝටාබය නැත්තටම නැතිකළේ, දැන් පලයවු කතෝලික රනිල් ගාවට හෝ සජිය ගාවට.
කළකිරිලා??? ෂුවර් එකටම කළකිරිලා ඇත්තේ ගසාකන්න බැරිවෙලා වෙන්නැති. නැතුව පොදුජනයාට තියන ලෙන්ගතු කමක්වත් ලැඳියාවකටවත් නොවේ.
හෘදසාක්ෂියක් තියන අයනම් මේ ආණ්ඩුවෙන් අනිවාර්යයෙන්ම එළියට යනවා. හැබැයි තමුන්ගේ වාසියට විපක්ෂයට යන අයටනම් සෙබාදහමින් පඩිසන් ලැබේවි.
විපක්ෂයට ගියත් කොහේ ගියත් ඔය ගොල්ලන්ට මේ පාර ගෙදරින් තමයි නවතින්න වෙන්නේ හැමෝටම.
හදුනාගත් හොරු. ඊළඟ මැතිවරණයේදී දඬුවම් ලැබෙයි.