(වසන්ත චන්ද්‍රපාල රජගලතැන්න පුදබිමේ සිට)
ඓතිහාසික රජගලතැන්න කැනීම්වලදී රහතුන් වහන්සේලාගේ ධාතූන් වහන්සේ තැන්පත් කළ ස්තුප 8 ක් හමුවී ඇතැයි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අංශයේ හිටපු මහාචාර්ය හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් පී.බී.මණ්ඩාලවල මහතා පැවසීය.
මිහිදු මහා රහතන් වහන්සේගේ භස්මාවශේෂ තැන්පත් කර ඇති ස්ථුපයට ඉහලින් මෙම ස්ථුප අට හමුව තිබේ.
ශ්‍රි ජයවර්ධන පුර විශ්ව විද්‍යාලය සහ පුරාවිද්‍යා දෙපාර්මේන්තුව එක්ව 2012 වසරේදී රජගලතැන්න පුරාවිද්‍යා බිමේ කැණිම් කටයුතු ආරම්භ කළේය.
මිහිදු මහා රහතන් වහන්සේ ගේ ධාතූන් තැන්පත් ස්ථුපය පිළිබදව එය සොයා බැලීමේදි ස්ථුපය වටා පාෂණවලින් සකස් කරන ද වේදිකාවක් සොයා ගෙන ඇත.
පසුව එය සංරක්ෂණය කර එම ස්ථානයට උඩින් ගල්කුට්ටි තිබූ ස්ථාන කැණිම් කිරීමේදි සුවිශේෂ වශයෙන් ස්ථුප ගනනවාක් හමු වී ඇත.
මේ සියලු ස්ථුප හමුවී ඇත්තේ මිහිදු ස්ථුපයට උඩින් රජගලතැන්න ශිලා ලිපිවල සදහන් වෙලා තියෙනවා රහතුන් වහන්සේලා රජගලතැන්නේ වැඩ සිටි බවට.
මේ ස්ථුප ඒ රහතන් වහන්සේලා ගේ ධාතූන් වහන්සේ තැන්පත් කළ ස්ථූප. තව ඉදිරියටත් මේ වගේ ස්ථුප හමුවෙන්න පුලුවන් බවද මහාචාර්ය මණ්ඩාවල මහතා පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම 1972 දී රජගලතැන්න මහා විද්‍යාලයේ ශිෂ්‍යයෙකු ලෙස මෙම ස්ථානය දැක ඇත්තෙමි. ඒ දවස්වල එයට ඇත තිබ්බේ වත් නැත . නමුත් 1980 සිට 1995 දක්වා කාලය තුළ පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් ස්ථාන බොහොමයක් නිධන් සොරුන් විසින් විනාශ කරන ලදී. මම 1992 දී පුළුගුණාව ප්‍රදේශයේ සිටියදී විනාශය දුටුවෙමි. කෙසේ වෙතත් මෙම ස්ථානය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කැණීම් කර තිබීම සතුටට කරුණකි.