අඩියක් ගහන්න ගිහින් කූඩුවේ කූරු ගැනලා බිරිඳට හොරෙන් පොඩි අඩියක් ගහන පොරක් යාළුවන් දෙන්නකුට සෙට් වී ලොකු අඩියක් ගහන්න ගිහින් අමතක නොවන පාඩමක් ඉගෙන ගෙන ඇති පුවතක් ගැන ගාලු පුරවරයේ ගමකින් පසුගියදා අසන්නට ලැබුණි. 20 hours ago
කොකු දාන්න ගිහින් නෝන්ඩි වෙලා චණ්ඩියා බන්ඩියේ දමාගෙන චණ්ඩියා වීමට ගොස් නෝන්ඩි වූ අයකු පිළිබඳව අපූරු කතාවක් ගාලු දිසාවේ දුෂ්කර ගමකින් ඇසේ. එකක් දෙකක් දාගත්විට කොකු ද එකක් දෙකක් දානොගත්තොත් මිනිහා නම් නොවේ. එදාට මිනිහාට අමුතුම ආරූඩයක් වැහෙන්නේය. චණ්ඩියා බන්ඩියට දාගත් විට කොක්කට හේතුවක් අවශ්‍යම නොවේ. එය අහේතුවක් වීමට ද හැකිය. 04 June 2026
නොකාපු දන්සලෙන් කෑමක් කාලා දන්සල කන්න ගොස් කවදාවත්ම නොකාපු කෑමක් කෑ තරුණයකු පිළිබඳව අඬහැරයක් දිගහැරෙන්නේ මෙසිරිලක දකුණු ලකේ ගාලු පුරෙනි. වෙසක් දන්සලකි. තිබුණේ මහ රෑය. පෝලිම දිගය. ජනතාව එහි කිටිකිටියේය. කෙල්ලන් කොල්ලන්ද මේ අතරය. පෝලිමේ සිටි කවුරුත් නොඉවසිල්ලෙන් බලා සිටියේ සිය වාරය එන තෙක්ය. 03 June 2026
පොලිසියෙන් බේරෙන්න මදුරුවන් තළන්න වෙලා ‘ආයේ නම් මචෝ අරක්කු බීලානම් බයිසිකලයේ යන්නේ නම් නෑ. අරක්කු බීලා බයිසිකලයේ ගිහිල්ලා මම හොඳ පරිප්පුවක් කෑවානේ.” යැයි ඔහු සිය හිතමිතුරන්ට පවසන්නේ රාත්‍රි කාලයක පැය ගණනක් මදුරුවන් තළමින් පොලිස් නිලධාරින්ගෙන් බේරීමට ගම්මිරිස් කොටුවක රැඳීසිටීමට සිදුවු සිද්ධියක් සිහිපත් කරමිනි.” 02 June 2026
රියැදුරාට පාට් දාලා පාරේ කට්ට කාලා තම රියැදුරා හදිසි කෝපයට පත්ව තම වාහනයත් සමග තමන්ව අතරමංකර පැමිණීම නිසා කොළඹ පුරා වෙනත් රියැදුරකු සොයන්නට එම වාහන හිමිකරුට සිදුවූ මේ පුවත වාර්තා වූයේ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ නගරයකිනි. වාර්තා වූ අන්දමට සිද්ධිය මෙසේය . 29 May 2026
කුණු හොයන්න ගිහින් ඇදගෙන නාලා අසල්වැසි නිවසක පදිංචි වැන්දඹු කාන්තාවක ලැගුම්හලක සිට පිටවෙනු දකින එම ප්‍රදේශයේම තවත් කාන්තාවක විසින් තමා දුටු සිද්ධිය ගමේ පැතිරවීමට ගොස් මහත් අකරතැබ්බයකට මුහුණදී ඇති පුවතක් ගැන ගාලු දිසාවේ ගමකින් පසුගියදා අසන්නට ලැබුණි. 28 May 2026
“අමුතු” ආදරෙන් රස්සාවට තට්ටුවෙලා අනියම් සැමියාට අමුතු ආකාරයට ආදරය කරන්න ගොස් රැකියාවට ආයුබෝවන් කියන්න සිදුවූ කාන්තාවක පිළිබඳව අපූරු කතාවක් ගාලුපුර ගමකින් ඇසේ. ඇය ජීවත්වූවේ ගමේ වුවත් සේවය කළේ නගරයේය. නගරයේ නිවෙසක මෙහෙකාරියක ලෙසය. විවාහක කතක වුවත් නගරයේ විවාහක අයකු සමග සම්බන්ධතාවක් පවත්වාගෙන ගියේ නගරයේ රැකියාවට ගොස් සිටියදීය. තමා සේවය කරන නිවෙසින් නිවාඩුවක් ලබා බස් රථයෙන් ගම රට බලා යන අතරතුර දැන හැඳිනගත් අයකු සමගය. දෙන්නට දෙන්නා ඉඩ ලැබෙන ලැබෙන පරිදි හමුවෙති. මේ හමුවීම දුරදිග යාමට 27 May 2026
“තැපෑලෙන් කරන්ට්” වැදී හතර ගාතෙන් වැටිලා මංගල උත්සවයකදී ලැබුණු ඉස්තරම් රට බීම වර්ගයක් කිසි කමකට නැතැයි කියමින් බාල්දු කළ පුද්ගලයකුට සාදය අතරමැද දී සිදුවූ අකරතැබ්බයක් ගැන ගාලු දිසාවේ ගමකින් පසුගියදා අසන්නට ලැබුණි. 26 May 2026
ඩෝප් පිට පන්සීයට දහදාහක් දීලා හොඳටම බීලා ත්‍රිරෝද රථ රියදුරුට අපූරු කුලියක් ගෙවූ සුපිරි මහත්මයකු ගැන කතා බහක් මේ දිනවල සංසරණය වන්නේ දකුණු පළාතේ ගාලු දිසාවේ ගමකිනි. රජයට පක්ෂපාතීව වැඩ කරන කෙනෙකි. කෙටියෙන්ම දෙසාබෑවහොත් රාජ්‍ය සේවකයෙකි. බේබද්දෙකු නොවුණත් අඩි පුඩි ගහන මැදි වයසේ කෙනෙකි. හැමදාම නොවුණත් සතියට දින දෙක තුනක්වත් අඩියට පුඩියට මිල මුදල් පූජා කිරීම දැන් ඔහුට පුරුද්දකට ගොස් මෙනි.පිනට අඩිපුඩි ලැබේනම් සතියෙම වුණත් මිනිහා සූදානම්ය. 25 May 2026
“සොහොන් යකා” චණ්ඩියා මට්ටු කරලා මොහු ගමේ ප්‍රධාන චණ්ඩියා මෙන්ම ප්‍රසිද්ධ සමාජ සේවකයෙකි. මංගල්‍යයේදී අවමංගල්‍යයේදී ගමේ පොදු වැඩකදී කැපී පෙනෙන චරිතයකි. අවමංගල්‍යයකදී ගමේ පන්සලේදී පැවැත්වෙන සභාවකදී, මුලාසනය හෝ ගුණ කථනයක් මොහුට නොලැබුණහොත් වෙන්නේ මහා විපතකි. 22 May 2026
එකට “ගල්’’ ගහලා ෆෝනය ගල් කරලා ගල් බෝතලයක් සමග එකට සෙට්වූ මිතුරාගේ වටිනා ජංගම දුරකතනය ගල් කළ අපූරු මිතුරෙකු පිළිබඳව අපූරු කතාවක් අම්බලන්ගොඩින් ඇසේ. මිතුරා ඉතාලියේ සිට පැමිණියේ ඊයේ පෙරේදාය. ආ සැනින් ඔහු සිය සහචරයන් සමග සෙට්වූවේය. ඒ නිවාඩු නිකේතනයකදීය. ඉස්තරම් බීමට සෙට්වූ අය අකමැති වූහ. ඔවුන් සියලුදෙනාම කැමතිවූවේ ගල්වලටය. ඒ නිසාම ඉතාලි මිතුරා ගල් යහමින් ගෙන ආවේය. 21 May 2026
මල්පොකුරට කෙහෙවලු පටලවාගෙන රැස්වීම් ශාලාවක මේසයක් මත තැබූ මල් පොකුරක් නිසා කාන්තාවන් දෙදෙනකු අතර වෙන්නට ගිය මහා ගැටුමක් ගමේ වැඩිහිටියන් කීප දෙනෙකුගේ මැදිහත් වීමෙන් වැළකී ගිය සිද්ධියක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තාවිය. 20 May 2026
තරු හෝටලයෙන් “පරිප්පු’’ කා පටි රෝල් බෙන්තොට හෝටලයක පැවැති රාත්‍රී වැඩසටහනකට සහභාගී වූ විදුහල්පතිවරයකු රාත්‍රී කෑම වේලට වේලාසනින්ම පරිප්පු බෙදාගෙන අලි පරිප්පුවක් කෑ කතාවක් ගාල්ල පැත්තෙන් අසන්නට ලැබේ. 19 May 2026
“පනහ’’ ලාබෙ බලන්න ගිහින් අතින් තට්ටුවෙලා රුපියල් පනහක් බේරගන්න ගොස් රුපියල් තුන් දහස් අටසීයක් පාඩුකරගෙන දහසක් බැනුම් ඇසූ පුද්ගලයකු ගැන කියවෙන කතාවක් පසුගියදා දකුණු පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. 18 May 2026
දානේ උම්බලකඩ ඥාතියාගේ මල්ලෙන් පනී දානේ ගෙදර ඉතුරු වූ උම්බලකඩය හංගාගෙන සිටි ඥාතියාගේ මල්ලෙන් උපායශීලීව ගත් නිවැසියකු පිළිබඳ කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ. නිවැසියාගේ ආච්චි අම්මාගේ තෙමස් මහා සාංඝික දානමය පිංකමකි. ගමටම මෙන්ම නෑ හිතවතුන්ට ද මේ සඳහා ආරාධනා ලැබිණි. ඒ අනුව ඔහුගේ හැත්ත බුරුත්ත මෙන්ම හිතවත්තු මිතුරෝ ද සහභාගී වූහ. 16 May 2026
බයිට් කාලා ඇල්වතුර බීලා කසිප්පු බොන්නට හැදූ කට ගැස්ම එක්ක ඇල්වතුර බී බොරු සූර් පෙන්වූ මිතුරන් දෙදෙනකු පිළිබඳ සිද්ධියක් අම්පාරේ එක්තරා ගමකින් වාර්තාවේ. ඔවුන් දෙදෙනා ගජ මිතුරන් වූ අතර, ඉඳහිට මධු විතෙන් සප්පායම් වීම පුරුද්දක් කරගෙන තිබිණි. එක් අයකු වඩුබාස්වරයකු වූ අතර, අනෙකා එදිනෙදා කුලී වැඩ කර ජීවත්වන්නෙකි. 15 May 2026
ගොනෙක් ලියුම කාලා තැපැල් පියුන් මහතා විසින් ලියුමක් බාරදීමට යන අවස්ථාවේ ලියුම ලබාගත යුතු පුද්ගලයා නිවස අසල පිහිටි එළවළු කොරටුවේ වැඩ කරමින් සිට ඇති බැවින්, ලියුම කොස්ගස අසලින් තබා යන්නැයි පැවසීම නිසා එසේ තබාගිය ලියුම අතුරුදන්වීමේ අමුතුම කතාවක් ගැන දකුණු පළාතේ ගමකින් පසුගියදා අසන්නට ලැබුණි. 14 May 2026
රතු බත් නැතැයි පාඨමාලාවත් එපා වෙලා සීතල පළාතක මුදල් ගෙවා පැවැත්වෙන නේවාසික පාඨමාලාවක් හැදෑරීමට ගිය තරුණයකු ආහාරයට රතු බත් නැතැයි කියමින් පාඨමාලාව අතරමග දමා නිවසට පැමිණි පුවතක් ගැන දකුණු පළාතේ ගමකින් පසුගියදා වාර්තා විය. 13 May 2026
මිතුරන්ගේ ලණු කා තරු පෙනිලා බසයේදී මුණගැසුණු තරුණිය නිසා තරු පෙනුන තරුණ කාර්යාල සේවකයකු පිළිබඳව කතාවක් දකුණේ කාර්යාලයකින් අසන්නට ලැබේ. තරුණයා කඩවසම්ය. දෙනෙත මනමාලය. මුහුණ සුකුමාලය. මේ නිසාම තරුණියකට දෙවරක් ඔහු දිහා නොබැලීමටනම් හේතුවක් නම් නැත්තේය. එදා ඔහු සිය ගම් පළාතෙන් කොළඹ ගියේ බසයෙනි. ඇඟලාගෙන ගියේ කාර්යාලයේ නම සඳහන් කාර්යාලයෙන් ලබාදී තිබූ ටී ෂර්ට් එකකි. ගමන ආරම්භයේදීම බසයට ගොඩවූ නිසාම ඔහු වාඩිවීමට තෝරා ගත්තේ රූමත් තරුණියක අසුන් ගෙන සිටි අසුනක්ය. 12 May 2026
“කොටයක් ගහන්න’’ ගිහින් අලි අමාරුවක වැටිලා අලුත් අවුරුද්දට ගෙනවිත් ඉතිරිවූ කොටයක් කොට කලිසම් නිතර අඳින කොට හාදයකු එක්ක සප්පායම්වීමට ගොස් කෝටියක් ප්‍රශ්නවලට මුහුණදීමට සිදුවූ දකුණේ මාළු ව්‍යාපාරිකයකු පිළිබඳව අපූරු කතාවක් කන වැකුණේ මේ ඊයේ පෙරේදාය. 11 May 2026
කිඹුලාට බියේ බිරිද කෑගහද්දි සැමියා සබන් පෙට්ටිය අහලා එය සමඟියෙන් ජීවත් වන ගම්වාසී පිරිසක් සිටින ගමකි. ඒ ගම මැදින් පිහිටා ඇත්තේ මහ ඇළකි. එම ගම්වාසින් සියලු දෙනාම දිය නෑමට සහ රෙදි සේදීම වැනි ගෘහ කටයුතු කරන්නේ එම ඇළට පැමිණීමෙනි. එහෙත් බොහෝ දෙනා ඇළ පරිහරණය කළේ මහත් සෝදිසියෙනි. මන්දයත් එම ඇළේ නිතර කිඹුලන් ගැවසෙන බැවිනි. සිද්ධිය වූ දා දහවල් එක්තරා කාන්තාවක් දිය නාන තොටුපළට පැමිණ ඇළට බැස දිය නාමින් සිටිද්දී ඇය අසලටම අඩි පහක් පමණ දිග ගැට කිඹුලකු පැමිණියේ කිසිසේත් බලාපොරොත්තු නොවූ අයුරිනි. කිඹුලා දුටු 09 May 2026
පට්ටමේ හයිය පෙන්නන්න ගොස් මට්ටු වෙයි පළාත් පාලන ආයතනයක සභික ධූරයක් දරන පුද්ගලයකු මන්ත්‍රී පට්ටමේ ‘‘හයිය” පෙන්නා විරුද්ධ පාක්ෂිකයකු මට්ටු කරන්නට ගොස් අමතක නොවන පාඩමක් ඉගෙන ගෙන ඇති පුවතක් ගැන දකුණු පළාතේ සංචාරක පුරවරයකින් පසුගියදා අසන්නට ලැබුණි. මෙම තැනැත්තා සංචාරකයන්ට මග පෙන්වන්නකු ලෙස කටයුතු කළ අයෙකි. පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ජනප්‍රිය දේශපාලන පක්ෂයකින් නාම යෝජනා ලබාගෙන මන්ත්‍රී ධූරයක්ද ලබා ගැනීමට හෙතෙම සමත් වන්නේය. දැන් ඔහු විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරයෙකි. ඔහු සභිකධූරය දරන පළා 09 May 2026
තරු බලන්න ගිහින් තරු පෙනිලා උල්කාපාත වර්ෂාවක් ඇද හැලෙනවා යැයි රූපවාහිනී නාළිකාවක ගිය ප්‍රවෘත්තියක් දැක අලුයම් කාලයේ තරු බලන්න ගිය පුද්ගලයෙකු නොසිතූ අකරතැබ්බයකට මුහුණ දී තරු පැනපු කතාවක් ගැන දකුණේ ගමකින් පසුගියදා අසන්නට ලැබුණි. කුඩා කල සිටම පරිසරයට පෙම් බැන්ද මෙම පුද්ගලයා දැන් ඉන්නේ විශ්‍රාම සුවයේය. ගෙවත්තේ ගහ කොළ වවාගෙන කුරුල්ලන්ට කෑම බීම දෙමින් කුරුළු කූඩුවල ඉන්න පැටවුන්ට පවා කෑම කවමින් හේ නිරන්තරයෙන්ම පරිසරයේ සුව වින්දේය. පසුගිය දිනෙක හෙතෙම රූපවාහිනියේ ප්රවෘත්ති නරඹ 09 May 2026
පුතාට පාඩමක් උගන්වන්න ගොස් කූඩුවේ ලැගලා යතුරුපැදියක් අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යතුරුපැදියේ හිමිකරුම පොලිස් අත්අඩංගුවට පත්වීමට සිදු වූ පුවතක් පිළිබඳව ගාල්ල දිසාවේ එක්තරා ගමකින් වාර්තා වේ. වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය. ඔහු එක්තරා නගරයක ව්‍යාපාරයක් කරගෙන යන අයෙකි. ඔහුට පාපැදියක් මෙන්ම යතුරුපැදියක් ද තිබුණේය .ඔහුට ලොකු මහත් වූ තරුණ පුතකු ද සිටී. ඔහු ව්‍යාපාරික කටයුතු කරන ස්ථානයට පැමිණිවිට පුතා යතුරු පැදිය රැගෙන එහේ මෙහේ ඇවිදින්නට යාම ඔහුට හිසරදයක් වී තිබුණේය. පුතාට මේ ගැන කොතෙක් 09 May 2026
කොණ්ඩය කලු කරන්න ගිහින් අලි අමාරුවක පනස් දෙහැවිරිදි වියේ පසු වු මෙම මාතාව ඇතුළු මේ කුලඟන සමිතියේ සාමාජිකාවන් පිරිස ගමේ පොදු කටයුතුවලදි නායකත්වය ගෙන කටයුතු කරන ගමේ ප්‍රභූ මට්ටමේ කණ්ඩායමකි. මෙදින ගමේ පන්සලේ පැවති යම් කටයුත්තකට සහභාගිවීමට මෙම කණ්ඩායම ද පැමිණ සිටියේය. කලක් මෙම පන්සලට එකල නිතර ආගිය ගැමියන් සමග ළෙන්ගතුව සිටි ප්රභූවරයෙක් මෙදින ගමේ පන්සලට පැමිණ සිටි අවස්ථාවේ මොවුන් වැඩ කරමින් සිටින ස්ථානයට පැමිණියේය. 09 May 2026
සල්ලි පාර්සලය සිතා බත් පැකට්ටුව කොල්ල කාලා කලකට පෙර දෙල්ගොඩ ප්‍රදේශයේ විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක වූ සිදුවීමකි. එම වකවානුවේ විදුලි සේවකයන්ට ඔවුන්ගේ පඩි නඩි ලබා දුන්නේ ආයතන ප්‍රධානියා විසින් ආයතන පරිශ්‍රයේදීය. විදුලි අධිකාරිවරයා විසින් බැංකුවෙන් රැගෙන එන සේවක වේතන මුදල් මෙසේ අදාළ සේවකයන්ට ලබාදීම සිදුවිය. මෙම මධ්‍යස්ථානයේ සේවකයන් හා විදුලි පාරිභෝගිකයන් සමඟ මනා සුහදතාවයක් ගොඩ නගාගෙන සිටි තරුණ විදුලි අධිකාරීවරයෙක් එවක මෙහි සේවය කළේය. විදුලි අධිකාරී විසින් එක් දින 09 May 2026
ගල් කාල “ගල්” කරන්න ගිහින් රෙදි ගලවලා පෙරේත තටුව තියන්නත් කලින් තටුවට තියන්න ගෙනා ගල් කාල ගල් කළ පුවතක් කුරුඳුවලට ප්‍රසිද්ධ නගරයකින් අසන්නට ලැබේ. මාමණ්ඩිය මියගිය දා සිටම ලේලිය ඇතුළු ඔවුන්ගේ නිවසේ අමුතු අමුතු දේ සිදුවිය. මේ නිසා ඇය සිටියේ දැඩි බියකිනි. රෑට රෑට නිවසේ ජනෙල් පැත්තෙන් කෙනෙක් ඇවිදන ශබ්ද ආවේය. නිවස පුරාම දුර්ගන්ධය ඒ මදිවටය. ඇතැම් දිනවල බත් මුට්ටියේ කූඹිය. නරක සිහින ඇයට නිතරම පෙනුනේය. ගෙදර අඬදබර ඕසෙටය. 08 May 2026
ඇද හොයන්න ගිහින් දර ළිපට බහින්න වෙලා බිරියගේ කන්දොස්කිරියාවෙන් මිදෙන්නට සැමියා ගෙනා අලුත් ගෑස් ළිප කෝපයට පත් බිරිය කුඩු පට්ටම් කිරීම හේතුවෙන් නිවැසියන්ට දර ළිපෙන් ඉහුම් පිහුම් කරන්නට සිදු වු පුවතක් ඇතුගල්පුරවරයෙන් අපිට අසන්නට ලැබුණි. 07 May 2026
සැමියා මතින් බේරාගන්න ගිහින් අලි අමාරුවක මත්ද්‍රව්‍ය ඇබ්බැහියෙන් තරුණ සැමියා බේරාගන්න යෙදූ උපායෙන් සැමියා වෙනත් ලොකු ඇබ්බැහියකට පත් වී ලොකු අමාරුවක වැටුණු තරුණ භාර්යාවක පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ. විවාහ වූයේ දැන හැඳිනගෙනය. වැඩි දවසක් ගත නොවීය. තරුණ සැමියා මත්කුඩු භාවිත කරන බවට මේ තරුණ භාර්යාවට වටින් ගොඩින් ආරංචි විය. එයින් ඇය කලබලයටත් පුදුමයටත් පත් වූවාය. ඒ සම්බන්ධයෙන් ඇය හොඳ සෝදිසියෙන් සිටියාය. කතාව සහමුලින්ම ඇත්තය. එහි හෝදන්න දෙයක් තිබුණේම නැත. එබැවින් ඇය ඒ වෙනුවෙන 06 May 2026
අනංගයාට අමතක නොවන තෑග්ගක් තරුණ කාන්තාවක විසින් අනංග ප්‍රේම කුරුල්ලකුට අමතක නොවන තෑග්ගක් දුන් අපුරූ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය. 05 May 2026
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026