යතුරුපැදියක් අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යතුරුපැදියේ හිමිකරුම පොලිස් අත්අඩංගුවට පත්වීමට සිදු වූ පුවතක් පිළිබඳව ගාල්ල දිසාවේ එක්තරා ගමකින් වාර්තා වේ.
වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.
ඔහු එක්තරා නගරයක ව්‍යාපාරයක් කරගෙන යන අයෙකි. ඔහුට පාපැදියක් මෙන්ම යතුරුපැදියක් ද තිබුණේය .ඔහුට ලොකු මහත් වූ තරුණ පුතකු ද සිටී.
ඔහු ව්‍යාපාරික කටයුතු කරන ස්ථානයට පැමිණිවිට පුතා යතුරු පැදිය රැගෙන එහේ මෙහේ ඇවිදින්නට යාම ඔහුට හිසරදයක් වී තිබුණේය. පුතාට මේ ගැන කොතෙක් අවවාද කළත් මෙය නතර වූයේ නැත.
මෙය නතර කිරීමට කළයුතු නොයෙක් දේ ගැන ඔහු කල්පනා කළේය. පසුව ඔහු තීරණයක් ගත්තේය.
පසුගිය දිනෙක ඔහු සිය නිවෙසට යනවිට පුතා කොහේ හෝ රවුමක් ගොස් පැමිණ යතුරු පැදිය මිදුලේ නවතා තිබුණේය. යතුර ද එහිම තිබුණේය. ගෙදර කිසිවකු පෙනෙන්නට නොසිටියේය.
ව්‍යාපාරිකයා සිය මුහුණ ආවරණය වන සේ මාස්ක් එකක් දමාගෙන ගොස් යතුරුපැදිය පණගන්වාගෙන පැමිණ සිය මිතුරකුගේ නිවසට ගියේය. මිතුරාට තොරතුරු පවසා ටික දිනක් මෙම යතුරු පැදිය ඔහුගේ නිවසේ තබා ගන්නා ලෙස පවසා ව්‍යාපාරිකයා ආපසු නිවසට පැමිණ කිසිවක් නොදන්නා සේ සිටියේය.
ඇවිදින්නට ගොස් නිවසට පැමිණ මිදුලේ නවතා තිබූ පියාට අයත් යතුරුපැදිය ගැන කිසිදු තොරතුරක් පුතාට සොයා ගැනීමට නොහැකිවිය. කිසිවකු මෙම යතුරුපැදිය පැහැරගෙන යන්නට ඇතැයි පුතා කල්පනා කළේය. ඉන් පසු පුතා පොලිසියට ගොස් මේ ගැන පැමිණිල්ලක් කළේය. සිය පියාට අයත් යතුරු පැදිය තමා ගමනක් ගොස් පැමිණ සිය නිවසේ මිදුලේ නතර කර තිබිය දී සොරාගෙන ගොස් ඇති බව පුතාගේ පැමිණිල්ලේ සඳහන් විය.
මේ පැමිණිල්ල විභාග කළ පොලිසිය එම නිවසට යන එන මාර්ගයේ වූ සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කරනු ලැබීය. එහි වූ දර්ශනවලට අනුව මෙම යතුරුපැදිය නිවසේ මිදුලේ තිබිය දී රැගෙන ගොස් ඇත්තේ අර ව්‍යාපාරික පියා බව පොලිසියට හෙළිවිය. ඒ අනුව එම ව්‍යාපාරිකයා පොලිස් අත්අඩංගුවට ගනු ලැබීය.
දැන් පොලිසිය පුතාගේ පැමිණිල්ලට අනුව අත්අඩංගුවට ගත් පියා ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වනවාලු.
ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd