පුටින් ප්‍රබල හොඳ ප්‍රතිවාදියෙක් යැයි බයිඩන් කියයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් ප්‍රබල ප්‍රතිවාදියකු යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි. බයිඩන් මෙසේ පැවැසුවේ, බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැති ’නේටෝ’ සමුළුව අතරතුරේදීය. 15 June 2021
මොස්කව් සතියකට වැසෙයි ’කොවිඩ් 19’ ආසාදිතයන්, වැඩිවීම සැලකිල්ලට ගනිමින්, ’වැඩ නොකරන සතියක්’ ලෙස ප්‍රකාශයට පත් කරමින්, අද (15) සිට මොස්කව් අගනුවර සම්පූර්ණයෙන් වසා දැමීමට, රුසියන් රජය තීරණය කර ඇත. 15 June 2021
නාසයට ඉසින කොරෝනා එන්නතක් ’කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහි නව එන්නතක්, නාසයට ඉසින දියරයක් ලෙසින්, කුඩා දරුවන් සඳහා හඳුන්වා දීමට චීනයත් රුසියාවත් සූදානම් වෙයි. 14 June 2021
බයිඩන් බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරට බ්‍රිතාන්‍යයේ පැවැති ’ජී7’ සමුළුව අවසන් වීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඊයේ (13) බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර බලා පැමිණියේය. 14 June 2021
තලේබාන් සංවිධානයෙන් පාකිස්තානයට ප්‍රශංසා ඇමෙරිකා එක්සත් ජනපද සෙබළුන්ට ගුවන් කඳවුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් තලේබාන් සංවිධානය පාකිස්තානයට ප්‍රශංසා කර ඇත. 13 June 2021
’ශක්තිමත්ව නැගිටිමු’ උපායමාර්ගයට අවධානය ජී 7 අවධානය ශක්තිමත්ව නැගිටිමු යන උපායමාර්ගයට අවධානය යොමු කළ යුතු යැයි ජී7 ලෝක නායක සමුළුව ආරම්භ කරමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පැවැසීය. 13 June 2021
එංගලන්තයේ කොවිඩ් සීමා ඉවත් කිරීම කල්යයි එංගලන්තයේ කොරෝනා සීමා ඉවත් කිරීම, තවත් මාසයකින් කල් දැමීමට එරට රජය තීරණය කර තිබේ. 13 June 2021
ලෝකයට එන්නත් බිලියනයක් දෙනවා ගෝලීය වසංගතයක් නිර්මාණය කළ ’කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා බිලියනයක ප්‍රමාණයක් මෙම වසරේත්, ලබන 2022 වසරේත් ලොව එන්නත් අවශ්‍යතාව ඇති සියලු රටවලට බෙදා දීමට ’ජී7’ නායකයන් එකඟත්වය පළ කර ඇත. 11 June 2021
සූ කීට බරපතල චෝදනාවක් බලයෙන් නෙරපා දැමුණු මියන්මාර නායිකා අවුන් සාන් සුකී ට එරෙහිව එරට හමුදා පාලනය විසින් අල්ලස් හා දූෂණ චෝදනා ගොනු කරනු ලැබ තිබේ. 11 June 2021
පළමු විදෙස් සංචාරය අරඹමින් බයිඩන් යුරෝපයේ ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු, සිය පළමු විදෙස් සංචාරය ආරම්භ කරමින් ජෝ බයිඩන් යුරෝපය බලා පැමිණ සිටී. සංචාරයේ පළමු නැවැතුම වූයේ මහා බ්‍රිතාන්‍යයයි. 10 June 2021
මුස්ලිම් පවුල ඝාතනය වීම ගැන කනස්සල්ලෙන් කැනඩාවේ ඔන්ටෝරියෝහිදී මුස්ලිම් පවුලක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් තමන් දැඩි කනස්සල්ලටත් තැති ගැන්මටත් ලක් වූ බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් අඟහරුවාදා පැවැසීය. 10 June 2021
මාලදිවයිනේ විදේශ ඇමැති එ.ජා. සැසියේ සභාපති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරයේ සභාපතිවරයා ලෙස මාලදිවයිනේ විදේශ අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ් තේරී පත්වී ඇත. 10 June 2021
එන්නත ගන්නවා නම් ගංජා දෙනවා ’කොවිඩ් 19’ වයිරසයෙන් ආරක්ෂා වීමට, ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගන්නා අවුරුදු 21 ට වැඩි ඕනෑම අයකුට නොමිලේ මර්ජුවානා (ගංජා-කංසා වැනි) ලබාදීමට ඇමෙරිකාවේ වොෂින්ටන් ජනපද බලධාරීන් තීරණය කර තිබේ. 09 June 2021
ඇල්සයිමර් රෝගීන්ට ඔසුවක් ඇල්සයිමර් Alzheimer රෝගයට ප්‍රතිකර්මයක් ලෙස නිපදවා ඇති නව ඖෂධයකට ඇමෙරිකාවේ ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය U.S. Food and Drug Administration (FDA) ඊට අනුමැතිය හිමිවිය. 08 June 2021
දිල්ලිය-මුම්බායි චෙන්නායි යළි ඇරෙයි ’කොවිඩ් 19’ වසංගතය පාලනය කිරීමට වසා දැමුණු දිල්ලි, මහාරාෂ්ට්‍ර සහ තමිල්නාඩු යන ප්‍රාන්තවලට පනවා තිබූ ලොක්ඩවුන් තහංචි ලිහිල් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති බැවිත්, නවදිල්ලි අගනුවර, මුම්බායි සහ චෙන්නායි යන නගරවල කටයුතු මේ වනවිට අදියර කීපයක් යටතේ ආරම්භ වී ඇත. 08 June 2021
ඩයනා කුමරියගේ මංගල ඇදුම ප්‍රදර්ශනයට මුළු ලොවක් ආදරයක් කළ බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරිය විසින් මීට වසර 40 කට පෙර සැරසී සිටි ඇයගේ මංගල ඇඳුම කෙන්සිංටන් මාළිගයේදී මහජනතාවට ප්‍රදර්ශනය කරන බව ගාඩියන් පුවත්පත වාර්තා කර ඇත. 07 June 2021
චීන නගරයක කොරෝනා පොකුරක් දකුණුදිග චීනයේ, ග්වන්ඩොං පළාතේ, ග්වන්සෝ නගරයෙන් ’කොවිඩ් 19’ රෝගීන් හමුවීමට පටන්ගෙන ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසයි. පසුගිය මැයි 21 වැනිදා සිට මේ දක්වා නගරයෙන් හමුවුණු ආසාදිතයන් ගණන 80 කි. 07 June 2021
පාකිස්තානයේ දුම්රිය දෙකක් ගැටී 30 ක් මරුට දකුණුදිග පාකිස්තානයේ දුම්රිය දෙකක් එකිනෙක ගැටී සිදුවුණු අනතුරින් 30 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි. 07 June 2021
සිරුරේ දින 216 ක් කොරෝනා තිබිලා ඒඩ්ස් රෝගී කාන්තාවකගේ සිරුරේ ’කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය, දින 216 ක් පැවැති බවත්, එම කාලය තුළ ’කොවිඩ් 19’ වයිරසය, එකිනෙකට වෙනස් විකෘති ප්‍රභේද 32 ක් නිර්මාණය කළ බවත් කාන්තාවට ප්‍රතිකාර කළ වෛද්‍යවරු පවසති. 06 June 2021
කොරෝනා පාලනයට ඉන්දියාව හවුල් කර ගන්නවා ’කොවිඩ් 19’ හෙවත් නව කොරොනා වයිරස ව්‍යාප්තිය පාලනයට ඉන්දියාව හවුල් කර ගන්නා බව ඇමෙරිකන් සෞඛ්‍ය අංශ වෙනුවෙන්, එරට වසංගත රෝග පාලන පාලන ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය ඇන්තනි ෆවුචි පවසයි. 06 June 2021
චීනයේ දරුවන්ට ’සිනොවැක්’ එන්නත ’කොවිඩ් 19’ වයිරසයට එරෙහිව, චීන නිපදවා ඇති ’සිනොවැක් බයෝටෙක්’ ප්‍රතිශක්තිකරණ එන්නත එරට කුඩා දරුවන්ට ලබා දීමට චීන රජය සූදානම් වෙයි. 06 June 2021
දරුවන් රැකබලා ගන්න විශේෂ වැඩසටහනක් ’කොවිඩ් 19 ’ හෙවත් නව කොරෝනා වයිරසයට බිලි වී, මාපියන් අහිමි දරුවන් රැක බලා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි ඉන්දීය රජය පවසයි. 03 June 2021
ඉන්දීය යෝග ගුරුට වැඩ වරදී ’කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට බටහිර වෛද්‍ය ක්‍රම යටතේ ප්‍රතිකර්මයක් නොමැති බවත්, යෝග ව්‍යායාම හරහා වයිරසය සුවපත් කිරීමට හැකි බවත් පවසන ඉන්දීය යෝග ගුරු බාබා රාම්දේව්ට ඉන්දීය වෛද්‍යවරුන්ගෙන් විරෝධයක් එල්ල වී තිබේ. 02 June 2021
ස්වීඩනයේ හිටපු නගරාධිපතිනිය කුණු ලොරියේ වැඩ ස්වීඩනයේ ගුතෙන්බර්ග් නුවර හිටපු නගරාධිපතිනිය වන ඇන් සොෆී හර්මන්සන්, නගරාධිපති ධුර කාලය අවසන් වීමෙන් පසු නගරසභාවේ කුණු ලොරියක කුණු එකතු කරන සේවිකාවක ලෙස රැකියාව කරන බව එරට ’එක්ප්රෙසෙන්’ පුවත්පත උපුටා දක්වමින්, ’පොලිටිකෝ යුරෝප්’ වෙබ් අඩවිය පවසයි. 02 June 2021
චීනයෙන් අලුත් කුරුළු උණ වයිරස ප්‍රභේදයක් නැගෙනහිර චීනයේ, 41 හැවිරිදි පුද්ගලයකුට කුරුළු උණ වයිරසයට අයත් නව ප්‍රභේදයක් ආසාදනය වී ඇතැයි හඳුනා ගත් බව චීන ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව අද (1) නිවේදනය කළේය. 01 June 2021
දරුවන් 577 දෙනකුට අම්මා තාත්තා නෑ කොරෝනා වසංගතය හේතුවෙන් ඉන්දියාවේ දරුවන් දහස් ගණනකට මව හෝ පියා හෝ අහිමි වී ඇති බවත්, මවත් පියාත් අහිමිවුණු දරුවන් 577 දෙනකු පිළිබඳ විස්තර තමන්ට ලැබී ඇති බවත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය පවසයි. 01 June 2021
කොරෝනා ප්‍රභේද හඳුන්වන්න ග්‍රීක අකුරු රටරටවලින් හමුවන කොරෝනා ප්‍රභේද, ග්‍රීක හෝඩියේ අකුරු භාවිතයට ගනිමින් අලුත් ක්‍රමයකට නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන ඇත. 01 June 2021
ටාර්සන් නළු ජෝ ලාරා මියයයි 90 දශකයේ පුංචි තිරයේ ටාර්සන්ගේ චරිතයට පණ පෙවූ ඇමෙරිකන් නළු ජෝ ලාරා හදිසි අනතුරකින් මියගියේය. ජෝ ලාරා මියගියේ ඔහු ගමන් කළ කුඩා ගුවන් යානය කඩා වැටීමෙනි. 31 May 2021
බ්‍රසීල ජනපතිට එරෙහිව දහස් ගණනින් වීදි බසිති කොරෝනා වසංගත ව්‍යාප්තිය නිසි ලෙස පාලනය නොකළ බවට බ්‍රසීල ජනාධිපති යාර් බොල්සරානෝට චෝදනා කරමින්, බ්‍රසීල වැසියෝ දහස් ගණනින්, එරට ප්‍රධාන නගරවල විරෝධතා පවත්වති. 31 May 2021
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026