පාකිස්තාන අග්‍රාමාත්‍ය නිල නිවස කුලියට දීමට එරට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් වියදම් කප්පාදුවක් සිදුවන අතර, අග්‍රාමාත්‍ය නිල නිවස විශේෂ අධීක්ෂණ කමිටුවක් යටතේ කුලියට ලබා දීම සිදුවෙයි.
සුවිසල් මන්දිරයක් ද වන මෙම නිල නිවස පිහිටා ඇත්තේ ඉස්ලාමාබාද් අගනුවර 'රතු කලාපය' යන නමින් හැඳින්වෙන ආරක්ෂක කලාපයේය. ඉදිරියේ දී අග්‍රාමාත්‍ය නිල නිවස පිහිටි භූමිය සංස්කෘතික සහ අධ්‍යාපනික ප්‍රදර්ශන, උත්සව, සම්මන්ත්‍රණ ආදිය සඳහා කුලියට ලබා දීමට ද නියමිත බව පැවැසෙයි.
වත්මන් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සහ ඔහුගේ 'තරීක් ඊ ඉන්සාෆ්' පක්ෂය 2018 දී බලයට පත් වූයේ, පාකිස්තානය දැඩි මූල්‍ය අර්බුද රැසකට මුහුණ දී සිටිද්දීය.
රජයේ වියදම් කපා හැරිය යුතු බව පෙන්වමින්, මැති ඇමැතිවරුන්ට ආදර්ශයක් වෙමින් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සිය නිල නිවස ලෙස තෝරාගෙන ඇත්තේ ඉස්ලාමාබාද් හමුදා කඳවුරේ ඇති නිල නිවසකි. කුලියට දීමට තීරණය කර ඇති
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd